News Line| Off Air
Generic placeholder image

May
16

ග්‍රැහැම් ලැබ්‍රෝයිගේ තේරීම් කමිටුව කල් ඉකුත් වෙයි. අලුතින් පත් කරන තේරීම් කමිටුව මෙන්න.

1084 Views


ග්‍රැහැම් ලැබ්‍රෝයිගේ තේරීම් කමිටුව කල් ඉකුත් වෙයි. අලුතින් පත් කරන තේරීම් කමිටුව මෙන්න.

ග්‍රැහැම් ලැබ්‍රෝයිගේ සභාපතිත්වය යටතේ තිබ්බ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ නිල කාලය ඊයෙන් අවසන් වුණා. ඒ නිසා අලුතින් තේරීම් කමිටුවක් පත් කරන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරමින් ඉන්නවා.

ක්‍රීඩා අමාත්‍යංශයත් ඉක්මනට අලුත් තේරීම් කමිටුව නම් කරලා එවන්න කියලා ලිඛිතවම ක්‍රිකට් ආයතනයට දන්වලා තියෙනවා. මේ වෙද්දී කිහිප දෙනෙක්ගේම නම් තේරීම් කමිටුවට යෝජනා වෙලා තියෙනවා. අලුත් තේරීම් කමිටුවේ සභාපති ධූරයට බ්‍රෙන්ඩන් කුරුප්පුගේ සහ දුලිප් මෙන්ඩිස්ගේ නම යෝජනා වෙලා තියෙනවා. හැබැයි දුලිප් මෙන්ඩිස් මේ වෙද්දී ඕමානයේ පුහුණුකරු විදියට කටයුතු කරනවා.

මිට අමතරව රංජිත් මදුරුසිංහ, ඉන්දික ද සේරම්, එරික් උපශාන්ත සහ චමින්ද මෙන්ඩිස් යන හිටපු ක්‍රීඩකයින්ගේ නම් යෝජනා වෙලා තියෙනවා. අලුතෙන් පත් වෙන තේරීම් කමිටුවට තමයි 2019 ලෝක කුසලානයට යන කණ්ඩායම තෝරන්න වෙන්නෙත්.


News Articles
Latest Videos
Most Popular Post