News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
16

රාජකීය විවාහයට මේගන්ගේ පියා එන්න බෑ කියයි.

710 Views


රාජකීය විවාහයට මේගන්ගේ පියා එන්න බෑ කියයි.

ඕනෑම තාත්තා කෙනෙක්ගේ සිහිනයක් තමයි කවදා හරි තමන්ගේ දුව මනමාලියක් වෙනවා දකින එක. ඒ දවස එනකන් තාත්තලා බලන් ඉන්නේ නොයිවසිල්ලෙන්. එදාට තාත්තා තරම් සතුටු වෙන කෙනෙක් තවත් නැතුව ඇති.

හැබැයි ලෝකයම බලාගෙන ඉන්න රාජකීය විවාහ උත්සවයට මේගන් මාකල්ගේ තාත්තා එන්නේ නෑ කියලා දන්වලා තියෙනවා. දියණියගේ විවාහ උත්සවයට ඇවිත් දුවව අපහසුතාවයට පත් කරන්න කැමති නෑ කියලා ඔහු දන්වලා තියෙනවා. 73 හැවරිදි තෝමස් මාකල් මෙක්සිකෝවේ රූපවාහිනී ආලෝකකරණ අධ්‍යක්ෂකවරයෙක් විදියට කටයුතු කරනවා.

ආතතිය නිසා ඔහුට හෘදයාබාධයක් වැළඳිලා තියෙනවා. වෛද්‍යවරු කියන්නේ ඔහුගේ රුධිර වාහිනී දෙකක් අවහිර වෙලා කියලා. ඒ නිසා ස්ටෙන්ට් කරන්න අවශ්‍යයි කියල වෛද්‍යවරු කියනවා. අද උදේ 7 ට ඒ සැත්කම සිදු කරලා තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post