News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
17

අද වැඩිපුර ඉල්ලුවොත් දෙන්න එපා. බස් ගාස්තු වැඩි වෙන්නේ ලබන සතියේ.

688 Views


අද වැඩිපුර ඉල්ලුවොත් දෙන්න එපා. බස් ගාස්තු වැඩි වෙන්නේ ලබන සතියේ.

ඊයේ මධ්‍යම රාත්‍රියේ ඉදලා බස් වර්ජනයක් ක්‍රියාත්මක වෙන්න නියමිත වුණත් ඒක වලක්ව ගන්න රජය සමත් වුණා. ඒ බස් හිමියන්ගේ ඉල්ලීම් ඉටු කරමින්. මේ නිසා කලින් 6%ක ගාස්තු වැඩිවීම 12.5% දක්වා ඉහල දාන්නයි රජය තීරණය කරේ. ඒ වගේම සතයක් වත් වැඩි කරන්නේ නෑ කිවුව අවම ගාස්තුව රුපියල් 12ක් දක්වා වැඩි කරා.

හැබැයි මේ ගාස්තු වැඩි වීම වලංගු වෙන්නේ ලබන සතියේ අගහරුවාදා ඉදලා. ඒ කියන්නේ මැයි 22 ඉදලා. මේ යෝජනාව කැබිනට් අනුමැතියට දාලා එදා ඉදලා ගාස්තු වැඩි කරන්නයි රජය තීරණය කරේ. ඒ නිසා අද කොන්දොස්තර අයියලා වැඩියෙන් සල්ලි ඉල්ලුවොත් දෙන්න යන්න එපා හරිද?


News Articles
Latest Videos
Most Popular Post