ලෝකයම ඇඟිලි ගනිමින් ඉන්න රාජකීය විවාහයට හරියටම තව දවස් 2 ක් විතරයි තියෙන්නේ. රජ පවුල වගේම හැරී සහ මේගන්ට ආදරය කරන ගොඩක් දෙනා මේ විවාහයට සූදානම් වෙනවා.
ඒ අතරේ රාජකීය විවාහය වෙනුවෙන් අපූරු කේක් එකක් හදල තියෙනවා. හරි සහ මේගන්ගේ ජීවමාන ප්‍රමාණයේ කේක් අනුරුවක් තමයි මේ විදියට හදලා තියෙන්නේ. Lara Mason කියන කේක් අනුරු ශිල්පිනිය තමයි මේ සුවිශාල කේක් එක හදලා තියෙන්නේ.
හැරී සහ මේගන්ගේ කේක් එක හදන්න පැය 250 ක් ගිහින් තියෙනවා. සති 6 ක් පුරාවට Lara Mason මේ කේක් එක හදලා තියෙනවා. බිත්තර 300 ක්, බටර් කිලෝ 15 යි, සීනී කිලෝ 15ක්, පිටි කිලෝ 15 ක්, අයිසිං කිලෝ 50 ක් සහ මොඩෙලින් චොකලට් කිලෝ 20 ක් මේ දැවැන්ත කේක් එක හදන්න ගිහින් තියෙනවා.
500 දෙනෙකුට මේ කේක් එක කන්න පුළුවන්. මේ අවුරුද්දේ තියෙන ජාත්‍යන්තර කේක් තරඟාවලියට මේ අපූරු කේක් එක ඉදිරිපත් කරන්නත් නියමිතයි.
https://www.facebook.com/DailyMail/videos/3559242394135483/