News Line| Off Air
Generic placeholder image

May
17

හදිසි අනතුරකදී වහාම ක්‍රියාත්මක වෙන හෙලිකොප්ටර් 8 සහ සුපිරි ගිලන් රථ 25 ක් ලංකාවට.

1095 Views


හදිසි අනතුරකදී වහාම ක්‍රියාත්මක වෙන හෙලිකොප්ටර් 8 සහ සුපිරි ගිලන් රථ 25 ක් ලංකාවට.

සමහර වෙලාවට ඈත ප්‍රදේශයක රෝගියෙක් හදිසියේ කොළඹට ගේන්න ඕන වුනාම ගිලන් රථයක් තමයි ගෙන්න වෙන්නේ. හැබැයි එක විනාඩියක ප්‍රමාදය වුනත් ඒ රෝගියාගේ ජිවිතයට හානියක් වෙන්න පුළුවන්. ගුවනින් ලෙඩාව ගෙනියන්න පුළුවන් නම් ඉක්මනට රෝගියාව අරගෙන එන්න පුළුවන්.

දියුණු රටවල හදිසි අවස්ථා වලට භාවිතා කරන හෙලිකොප්ටර් යානා තියෙනවා. ඒ වගේම සුපිරි පහසුකම් තියෙන ගිලන් රථ තියෙනවා. ලංකාවටත් ළඟදීම ඒ වගේම හදිසි ගුවන් හා තාක්ෂණික මුදවා ගැනීමේ පද්ධතියක් ස්ථාපනය කරන්න යනවා.

Bijorn Steiger Stiftung නම් ජර්මනියේ ස්ථාපිත ලාභ නොලබන සංවිධානයක් තමයි මේ ව්‍යාපෘතිය කරන්න ඉදිරිපත් වෙලා තියෙන්නේ. හදිසි අවස්ථාවලදී ප්‍රතිචාර දක්වන හෙලිකොප්ටර් 08ක් සහ තාක්ෂණික මුදවා ගැනීමේ වාහන 25ක් ලංකාවට ගෙන්වන්න නියමිතයි. රුපියල් මිලියන 190ක් මේ සඳහා වියදම් වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post