News Line| Off Air
Generic placeholder image

May
18

හඳුනා නොගත් රෝගය පාලනය කරන්න දකුණට හයිෆෝ ඔක්සිජන් යවයි.

2632 Views


හඳුනා නොගත් රෝගය පාලනය කරන්න දකුණට හයිෆෝ ඔක්සිජන් යවයි.

මේ දවස්වල දකුණු පළාතේ හඳුනා නොගත් වෛරසයක් පැතිර යනවා. කුඩා ළමයින්ට තමයි මේ රෝගයෙන් වැඩි බලපෑමක් ඇති වෙන්නේ. මේ රෝගයට ගොදුරු වුන ළමයින්ට ප්‍රතිකාර කරන්න හයිෆෝ ඔක්සිජන් යන්ත්‍ර කරාපිටිය සහ මාතර රෝහල් වලට යවලා තියෙනවා.

වැඩි වේගයකින් සහ පිඩනයකින් ඔක්සිජන් ලබා දෙන්න මේ යන්ත්‍ර වලට පුළුවන්. ළමා රෝග විශේෂඥය වෛද්‍යවරුන්ගේ විශේෂ ඉල්ලීමක් මත තමයි මේ යන්ත්‍ර යවලා තියෙන්නේ.

දකුණු පළාතේ වෛරස් උණ රෝගය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කරලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post