පහුගිය දවස්වල ඇන්ජලෝ මැතිව්ස් සහ සුරංග ලක්මාල් ආබාධයන්ට ලක්වෙලා හිටියේ. ඒ නිසා කොදෙව් සංචාරය ඔවුන්ට අවිනිශ්චිත තත්වයක තිබ්බේ.
පහුගිය දා තිබ්බ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් ඔවුන් දෙදෙනා සමත් වෙලා තියෙනවා. ලබන මාසයේ පවත් වෙන කොදෙව් සටනට ඔවුන් දෙදෙනාත් එකතු වෙනවා කියලා ක්‍රිකට් ආයතනය ඊයේ දැනුම් දුන්නා.
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පුහුණු තරඟය මේ මාසේ 30 වෙනිදා ආරම්භ වෙනවා. ටෙස්ට් තරඟාවලියේ පළවෙනි තරඟය ආරම්භ වෙන්නේ ලබන මාසේ 6 වෙනිදා.