News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
18

සැන් ඩියෙගෝ වෙරළේ අත්භූත නියෝන් ලයිට් එළියක්. – Photo / Video

578 Views


සැන් ඩියෙගෝ වෙරළේ අත්භූත නියෝන් ලයිට් එළියක්. – Photo / Video

මේ ලෝකය හරිම පුදුම තැනක්. වෙලාවක අදහා ගන්න බැරි සිදුවීම සිද්ධ වෙනවා. සමහර ස්වභාවික සිද්ධීන් නිසා අපි ඉන්නේ පිටසක්වලද කියලත් හිතෙනවා. මේ කියන්න යන්නෙත් ඒ වගේ සිදු වීමක් ගැන.

පහුගිය සතියේ කැලිෆෝනියා, සැන් ඩියෙගෝ වෙරළේ අත්භූත සිදුවීමක් වුණා. සැන් ඩියෙගෝ වෙරළේ දිලිසෙන නිල් පැහැති රළ පෙළක් ඇති වුණා. හරියට චිත්‍රපටි වල තියෙන පිටසක්වල මුහුදක් වගේ. මේ අපූරු දර්ශනය නරඹන්න දහස් ගණනක් සැන් ඩියෙගෝ වෙරළට ආවා.

විද්‍යාඥයින් කියන විදියට ජලයේ වැඩෙන ‘ඇල්ගී’ වර්ගයක් නිසා රාත්‍රියේ දී ඉතා දිලිසෙන නියොන් නිල් පැහැති රළ නිර්මාණය වෙලා තියෙන්නේ. රාත්‍රියට මේ වගේ අපූරුවට දිලිසුනාට දවල් කාලයට මේ වෙරළ රතු පාටයි. සැන් ඩියෙගෝ වෙරළේ අවසන් වරට නිල් රළ පෙළක් දැක ගන්න පුළුවන් වුනේ 2013 දී.

මේ තියෙන්න ඒ අවස්ථාවේ ඡායාරූප සහ වීඩියෝ.


News Articles
Latest Videos
Most Popular Post