30 වසරක කුරිරු යුද්ධය අවසන් කරලා අදට හරියටම අවුරුදු 9 යි. හැබැයි තාමත් ඒ කුරිරු ත්‍රස්තවාදයට ආවඩන පිරිස් අපි අතරම ඉන්නවා. පිළිකාවක් වගේ ත්‍රස්තවාදය රටපුර වැපිරුව ත්‍රස්තවාදී නායකයන්ට “මහත්තයා” කියන තැනට ලංකාවේ සමහරු පත් වෙලා.
ඒ නිසාම අඟේ ඉදන් කණ කන අයට රිදෙන්න සියතේ ආශ්චර්යා උදේ වැඩසටහනේදී හොඳ කතාවක් කිව්වා. ආශ්චර්යා නම් කියන්නේ ඒ අයට තව ටික දවසකින් ප්‍රභාකන් මිත්‍රයෙක් සහෝදරයෙක් වෙන්නත් පුළුවන්. හැබැයි අපිට නම් ප්‍රභාකරන් කවදත් ත්‍රස්තවාදියෙක් විතරයි කියලා.
මේ කතාව අන්තර්ජාලය පුරා ගින්නක් වගේ පැතිරුණා. ඒ නිසා අපිට හිතුණා ආශ්චර්යගේ සම්පූර්ණ කතාව ඔබට අහන්න දෙන්න.