News Line| Off Air
Generic placeholder image

May
19

මියගිය රණවිරු පුතාව තාමත් හොයන තාත්තා.

1461 Views


මියගිය රණවිරු පුතාව තාමත් හොයන තාත්තා.

ඊයේ දවසේ රණවිරුවන් වෙනුවෙන් Facebook එකේ විශාල Post ප්‍රමාණයක් Like කරලා, Comment කරලා,Share කරලා තිබුණා. ඒ අතරින් රුදුරු ත්‍රස්තවාදීන්ගෙන් රට බේරගත්ත එක ගැන බොහෝදෙනෙක් සතුටු වුනත්, මේ දවස අමතක වෙන්නේ නැති හිතේ දුක තද කරගෙන ඉන්න අය ගොඩක් ඉන්නවා.

ඒ තමයි මේ සදහා ජීවිත පරිත්‍යාග කල රණවිරුවන්ගේ දෙමව්පියන් වගේම නෑදෑයන්. ඔවුන්ට ඊයේ දවස සතුට සමරණ දවසක් නෙවෙයි. මොකද එයාලගේ දරුවාගේ මියගිය සිරුර ඇහැටවත් දැකගන්න බැරුව, රණවිරු ස්මාරකයක් ඉස්සරහට වෙලා දරුවට සෙත් පතන දවස වුනේ ඊයේ.

ඒ විදිහට ඊයේ දවසේ බුකියේ දැක්ක දුක හිතෙනම ඡායාරූපය තමයි මේ. කුරිරු යුද්ධයෙන් තම නැති වූ පුතාගේ නම සොයමින් යන ආදරණීය පියෙක්.

 


News Articles
Latest Videos
Most Popular Post