News Line| Off Air| Games
Generic placeholder image

May
20

සල්ලි ප්‍රශ්ණයක් නිසා ශ්‍රී ලංකා – කොදෙව් ටෙස්ට් තරඟාවලිය වැට උඩ.

827 Views


සල්ලි ප්‍රශ්ණයක් නිසා ශ්‍රී ලංකා – කොදෙව් ටෙස්ට් තරඟාවලිය වැට උඩ.

ලබන මාසයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කොදෙව් දූපත්වල සංචාරය කරන්න නියමිතයි. ඒ තරඟ 3 ක් ටෙස්ට් තරඟාවලියක් සඳහා. පලවෙනි තරඟය ජුනි 06 වෙනිදා තමයි පටන් ගන්න නියමිත වෙලා තියෙන්නේ. හැබැයි මේ වෙද්දී ඒ තරඟාවලිය අවනිශ්චිත වෙලා තියෙනවා.

එකට හේතුව වෙලා තියෙන්නේ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය ලොකු මුල්‍ය අවධානමකට ලක් වෙලා තියෙනවා. මේ නිසා ටෙස්ට් තරඟාවලියේ අන්තිම ටෙස්ට් තරඟය වෙනුවට T20 තරඟාවලියක් පවත් වන්න සාකච්ඡා කරමින් යනවා. එක්දින තරඟ 2 ක් හරි T20 තරඟ 3 ක් තියන්න තමයි යෝජනා වෙලා තියෙන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා කිව්වේ ටෙස්ට් තරඟාවලිය සැලසුම් කල විදියට පවත්වනවා කියලා. අවසන් ටෙස්ට් තරඟය වෙනුවට එක්දින තරඟ 2 ක් හෝ T20 තරඟ 3 ක් පවත්වනවා කියලා.


News Articles
Latest Videos
Most Popular Post