News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
20

විජයග්‍රහණය සමරා යුධ හමුදාවෙන් සිසිල් පැන් දන්සැල්. – Photo

740 Views


විජයග්‍රහණය සමරා යුධ හමුදාවෙන් සිසිල් පැන් දන්සැල්. – Photo

30 වසරක කුරිරු ත්‍රස්තවාදය අවසන් කල විජයග්‍රහණය සමරලා පහුගිය දවස් දෙකේ රට පුරාම විවිධ සැමරුම් තිබ්බා. යාපනයේ හමුදා සේනාංක කිහිපයකුත් යුධ සැමරුමට සිසිල් පැන් දන්සැල් දුන්නා.

අවසන් මානුෂිය මෙහෙයුම පැවැති මුලතිව්, වෙල්ලමුල්ලිවයිකාල් ප්‍රදේශයේ යුද්ධ හමුදාව දිවිපිදු රණවිරුවන් සිහිපත් කරමින් සිවිල් වැසියන් සඳහා සිසිල් පැන් දන්සලක් පැවැත්වුවා. 68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු ගේ මඟ පෙන්වීමෙන් තමයි මේ දන්සැල පැවැත් වුණේ.

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 55 වන බලසේනාවට අයත් 12 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ රණවිරුවනුත් සිසිල් පැන් දන්සැලක් දුන්නා. 55 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයන්ත ගුණරත්නගේ උපදෙස් මත තමයි ඔවුන් දන්සැල දුන්නේ.

මේ තියෙන්නේ ඒ දන්සැල් වල ඡායාරුප කිහිපයක්.


News Articles
Latest Videos
Most Popular Post