News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
20

හැරී කුමාරයි මෙගාන් මාකලුයි ලංකාවේ වුණානම් ලංකාවේ ගෙවල් වල කතාවෙන දේවල්.

1700 Views


හැරී කුමාරයි මෙගාන් මාකලුයි ලංකාවේ වුණානම් ලංකාවේ ගෙවල් වල කතාවෙන දේවල්.

චාල්ස් කුමාරයාගේ සහ ඩයනා කුමරියගේ විවාහයෙන් පස්සේ ලෝකයේ වදිඑන්ම අවධානය දිනා ගත්ත රාජකීය විවාහය තමයි හැරී – මේගන් විවාහය. එකට හේතු ගොඩක් තිබ්බා. මෙගන් කියන්නේ කලින් විවාහ වෙලා දික්කසාද වුන කෙනෙක්. ඒ වගේම මේගන් හැරීට වැඩ අවුරුදු 3 ක් වැඩිමල්. අනික මේගන් ඇමෙරිකානු ජාතිකයෙක්.

හැබැයි මේ දේවල් රජ පවුලටවත් බ්‍රිතාන්‍ය වැසියන්ටවත් ප්‍රශ්නයක් වුනේ නෑ. වැරදිලාවත් හැරී සහ මේගන් ලංකාවේ වුණා නම් මිනිස්සු මේ විවාහයට මොනවා කියයිද. මේ තියෙන්නේ ඒ ගැන Facebook එකේ පලවුන අපූරු Post එකක්.

හැරී කුමාරයි මෙගාන් මාකලුයි ලංකාවේ වුණානම් ලංකාවේ ගෙවල් වල කතාවෙන දේවල් … ????????‍?‍?‍?? ?

– පිස්සුද අනේ හැරීට කසාඳ බැඳපු ගෑණියෙක් බැඳලා තියෙන්නේ.. අවුරුදු හයක් යාළුවෙලා ඉදල, අවුරුදු දෙකක් විතර ඒ මිනිහත් එක්ක පවුල් කාලත් තියෙනවලු. මෙච්චර නොබැඳපු අරක නොකරපු ගෑණු ඉන්න රටේ කුමාරයෙක් වෙලත් වෙන මිනිහෙක් එක්ක බුදියපු ගෑණියෙක් බඳින්න වුණානේ. කරුමේ තමයි ඉතින් … ?

– මෙගාන් කලවන් ලු .. අඩු කුළෙත් එක්කලු (කළු ජාතික). හනේ ඉතින් රජ පවුලේ නම්බුවත් ඉවරයි.. දැන් ඉතින් මොන රෝයල් ද .. ළමයි හරියට හැදුනේ නැති වුණාම ඔහොම තමයි. ඕක තමයි කියන්නේ නිසි වයසට ආපු අහම පවුලට ගැළපෙන තැනකින් ළමයින්ට කෙනෙක් යෝජනා කරලා තියෙන්න ඕනා කියලා. ඕව අම්මල තාත්තලාගේ වැරදි.. ?

– රජෙක් වෙන්න පුළුවන් මිනිහෙක්ට ඉතින් නළගනක් බඳින්න වුණා. හොඳ නැටුම් නටපු එකියෙක් වෙන්න ඇති. ඔය හොඳ හොඳ, එළියේ දාන් ඉන්න ෆොටෝත් තියෙන්නේ. නිළියක් නේ. ?

– ඔය මඟුල තියෙන්නේ නෑ.. මෙගාන් ගේ කුජ හතේ ලු.. පවුලක් තියෙන්නේ නෑ . කළිනුත් දික්කසාද වෙලා තියෙන්නේ ඒකයි. පස්සේ කෝකියෙක් එක්කත් යාළුවෙලා ඉදල තියෙනවා. ඒක හරි ගිහිල්ලත් නෑ. ?

උපුටා ගැනීම අන්තර්ජාලයෙන්


News Articles
Latest Videos
Most Popular Post