News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
21

මේගන් අවුරුදු 11 දී ජනපතිගෙන් කල ඉල්ලීම.

1405 Views


මේගන් අවුරුදු 11 දී ජනපතිගෙන් කල ඉල්ලීම.

මේ ලෝකය වෙනස් කරලා තියෙන්නේ උපතින්ම ලොකු ධනයක්, බලයක් අරහෙන ආව අය නෙවෙයි. පුංචිම තැනින් පටන් ගත්ත මිනිස්සු. ලෝකය වෙනස් කරන්න දැන් ඔබ ඉන්න තැන කොහෙත්ම අදාල නෑ. අවශ්‍ය වෙන්නේ ඔබේ කැපවීම සහ අධිෂ්ඨානය විතරයි. මේ ඒ වගේ කතාවක්.

ලොස් ඇන්ජලීස් නුවර එකොළොස්(11) හැවිරිදි පුංචි කෙල්ලෙක් දවසක් පාසැල අවසන් වී රතු චෙරි ගෙඩි මුහුණක් ද සමග වේගයෙන් ගෙදර දුවගෙන ආවා. ඇගේ පියා කුතුහලයෙන් ඇය දෙස බැලුවා.

-ඩාලිං … අදත් රණ්ඩුවක්ද ?
-ඔව් තාත්ති. අර tv එකේ යන අලුත් ඩිෂ් වොෂ් ලික්විඩ් ඇඩ් එකේ
අන්තිමට කියන කතාවට පංතියේ පිරිමි ළමයි මට විහිලු කරනවා.
-මොනවද එයාල කියන්නෙ.
– කොහොමත් ගෑණුන්ට අන්තිමට කුස්සිය තමයි කිව්වා.

ඇගේ පියා පුදුමයෙන් ඇය දෙස බලා සිටියා.ඇගේ දෑතින්ම අල්ලාගත්තා..

– පුතේ .. ඔයාට මොකක්ද කරන්න ඕනි ?
– මට ඒ ඇඩ් එක වෙනස් කරන්න ඕනි ..
– එහෙනම් ඒක වෙනස් කරන්න පුළුවන් අයට ඔයා මේ ගැන ලියන්න …

මොහොතක් කල්පනා කල ඇය..

-එවකට ජනාධිපති ආර්යා හිලරි ක්ලින්ටන්ට..
-එවකට Nick news ළමා පුවත් වැඩසටහන ඉදිරිපත් කළ කල ප්‍රසිද්ධ රුපවාහිනි නිවේදිකා ලින්ඩා ඇලබි ට
-ඇමෙරිකානු නීතීඥ ග්ලෝරියා රෂෙල් ඔල්රෙඩ් ට සහ
– අදාළ Dish-washing Liquid නිෂ්පාදන සමාගමට
වෙන වෙනම ලිපි හතරක්(04) ලිව්වා ..(මොකද ඇයට සියලු පැතිකඩ ආවරණය කිරීමට අවශ්‍ය වුණා)

විශේෂයෙන්ම මේ Dish-washing Liquid වෙළඳ දැන්වීමේ අන්තිමට සඳහන් වන
” ඇමෙරිකාවේ කාන්තාවෝ” කුස්සියට වී අරගල කරනවා කියන කොටස …පිරිමින්ටත් අදාළව ,
” ඇමරිකාවේ මිනිසුන්” කුස්සියට වී අරගල කරනවා ලෙස වෙනස් කළ යුතු බවත්, ලෝකයේ සියලු පිරිමි තරමටම
කාන්තාවන්ද අභිමානවත් බවත් , මෙම වෙළඳ දැන්වීම නිසා බොහෝ සිත් රිදීම් සිදු වන බවත් ඇය මේ ලිපි වල
ලිව්වා .

එයින් හරියටම සතියකට පසු ,

ජනාධිපති ආර්යා හිලරි ක්ලින්ටන් ඇයව දිරි ගන්වමින් පිළිතුරු ලිපියක් එවා තිබුණා .
ප්‍රසිද්ධ රුපවාහිනි නිවේදිකා ලින්ඩා ඇලබි, මේ පුංචි කෙල්ලගේ විරෝධය රූපවාහිනියේ විශේෂ වැඩසටහනක් ලෙස සජීවීව ඉදිරිපත් කරන්නට ඇගේ නිවසටම වාර්තාකරුවන් කණ්ඩායමක් එව්වා .
නීතීඥ ග්ලෝරියා රෂෙල් ඔල්රෙඩ් මේ සියලු අනුදැනුමෙන් පිඟන් සෝදන දියර නිෂ්පාදන සමාගමට එරෙහිව ක්‍රියාත්මක වුණා.

තවත් දින කිහිපයකට පසු එම පිඟන් සෝදන දියර නිෂ්පාදන වෙළඳ දැන්වීමෙහි ” ඇමෙරිකාවේ කාන්තාවෝ” යන්න …
” ඇමරිකාවේ මිනිසුන්” ලෙස නැවත වෙනස් වුණා ..

ඇත්තටම එය සුප්‍රසිද්ධ Ivory Dish-washing Liquid වෙළඳ දැන්වීමයි .
මේ පුංචි හිතුවක්කාර කෙල්ල …
පසුගිය 19 වැනිදා එංගලන්තයේ හැරී කුමරු විවාහ කරගත් …

මේගන් මාකල් කුමරියයි !

සටහන – ජීනූ


News Articles
Latest Videos
Most Popular Post