News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
21

සනත් ජයසූරිය ආයෙත් ක්‍රිකට් පුහුණුවීම් පටන් ගනී. – Video

1095 Views


සනත් ජයසූරිය ආයෙත් ක්‍රිකට් පුහුණුවීම් පටන් ගනී. – Video

ලෝකයේ ක්‍රිකට් පිතිකරණ රටාව වෙනස් කල ක්‍රීඩකයා සනත් ජයසූරිය. ඒ වගේම සනත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් කරන ලද සේවය ඇති මහත්. පහුගිය කාලයේ සනත්ගේ දණහිසේ ආබාධයක් ඇති වුණා.

ඒ නිසා ඔහුට ඕස්ට්‍රේලියාවට ගිහින් සැත්කමක් පවා කරන්න සිද්ධ වුණා. සාර්ථක සැත්කමකින් පස්සේ සනත් ආයෙත් ලංකාවට ආවා. හැබැයි ඊට පස්සේ සනත්ව ආයේ එලිපහලියේ දකින්න ලැබුණේ නෑ. ගෙදරට වෙලා විවේක ගත්ත එක තමයි ඔහු කරේ.

කොහොම වුනත් කාලෙකට පස්සේ සනත් Instagram ගිණුමේ සටහනක් තියලා තිබ්බා. ඒ කාලෙකට පස්සේ ඔහු ක්‍රිකට් පුහුණු වෙන Video එකක් සමඟ. “අද දින වසරකට පමණ කාලයකට පසු මා හට නැවත ක්‍රීඩා කිරීමට අවස්තාව උදා වුනා. යෝග්‍යතාවයක් අඩුවී තිබෙන නමුත් නැවත ක්‍රීඩා කිරීමට ලැබීම හිතට ලොකු ශක්තියක්. ඇත්තටම මට ක්‍රීඩාව මගහැරිලා තිබුනා. දැන් මගේ දණහිස සුව අතට හැරමින් පවතිනවා. ඔබ සියලු දෙනා ලබාදෙන සහයෝගයට ස්තුතියි. ඒ වගේම මගේ පුත්, රනුක ජයසුරිය මා සමග පැත්තකින් ක්‍රීඩා කිරීම ආඩම්බරයක්” කියලා සනත් සටහනක් තියලා තිබ්බා.

මේ තියෙන්නේ සනත්ගේ Instagram Video එක.

…….


News Articles
Latest Videos
Most Popular Post