News Line| Off Air
Generic placeholder image

May
22

8 ක් මිය ගිහින්. 38,040 කට පීඩා. අයහපත් කාලගුණය දැනට කරපු හානිය මෙන්න.

821 Views


8 ක් මිය ගිහින්. 38,040 කට පීඩා. අයහපත් කාලගුණය දැනට කරපු හානිය මෙන්න.

දැන් දින කිහිපයක ඉදන් අද හැලෙන මහා වැස්ස නිසා ලංකාවේ පළාත් කිහිපයක්ම ආපදාවට ලක් වෙලා තියෙන්නේ. මේ වෙද්දීත් විශාල පිරිසක් අයහපත් කාලගුණය නිසා පීඩාවට පත් වෙලා තියෙනවා.

15 දිස්ත්‍රික්ක කට කාලගුණයෙන් බලපෑම් එල්ල වෙලා තියෙනවා. ඒ නිසා පවුල් 9815 ක පුද්ගලයින් 38,040 ක් පීඩාවට පත් වෙලා තියෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරේ පුද්ගලයින් 8 දෙනෙක් මේ වෙද්දී මිය ගිහින් තියෙනවා කියලා. අකුණු සැර වැදීම්, පස් කඳු කඩා වැටීම්, දියේ ගිලීම් සහ ගස් කඩා වැටීම් නිසා මේ මරණ සිද්ධ වෙලා තියෙනවා.

මහා වැස්සත් එක්ක ආව සුළඟ නිසා 1නිවාස 9 කට පූර්ණ හානි සිද්ධ වෙලා තියෙනවා. නිවාස 918 කට අර්ධ හානි සිද්ධ වෙලා තියෙනවා. පීඩාවට පත් වුන ජනතාවට සහන සලසන්න මේ වෙද්දීත් කටයුතු කරලා තියෙනවා කියලා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරා.


News Articles
Latest Videos
Most Popular Post