ලංකාවට බලපාලා තියෙන ආපදා තත්වය ගැන ලෝකයේම අවධානය යොමු වෙලා තියෙනවා. Facebook සමාගමත් ලංකාවේ ඉන්න Facebook පරිශීලකයන් හොඳින් ඉන්නවාද කියලා හොයන්න පටන් අරන්.
Facebook සමාගම අද උදේ ලංකාවට “Safety Check” පහසුකම ක්‍රියාත්මක කරා. හදිසි ආපදාවකදී තමන් හොදින් ඉන්නවා කියලා අනිත් අයට දැනුම් දෙන්න සහ අනිත් අය හොඳින් ඉන්නවද කියලා බලා ගන්න මේ ක්‍රමය උදව් වෙනවා.
ඔබේ යාළුවන් හොඳින් ඉන්නවඩ් කියලත් මේ පහසුකමින් බලා ගන්න පුළුවන්.
ඒ වගේම ඔබ ආපදාවට පත් වෙලා ඉන්නවා නම් ඔබට අවශ්‍ය උදව් ඉල්ලා ගන්නත් මේ හරහා පුළුවන්. උදව් ඕන අයව හොයලා ඒ අයට අවශ්‍ය දේවල් ලබා දෙන්නත් මේ පහසුකමින් පුළුවන්.