News Line| Off Air
Generic placeholder image

May
22

එංගලන්තයේදී ඩිලන්ත මාලගමුවට අනතුරක්. සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් සමාව ඉල්ලයි. – Photo

873 Views


එංගලන්තයේදී ඩිලන්ත මාලගමුවට අනතුරක්. සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් සමාව ඉල්ලයි. – Photo

ශ්‍රී ලංකාවේ නම ගෞරවනීය ලෙස ලෝකයට ගෙන ගිය කෙනෙක් තමයි ඩිලන්ත මාලගමුව. Lamborghini ධාවන තරඟ වල ලෝකයේ ඉහළින්ම කියවෙන නමක් තමයි ඩිලන්ත මාලගමුව කියන්නේ.

එංගලන්තයේ පවත් වෙන lamborghini Super Trofeo 2018 තරඟාවලියට මෙවර ඩිලන්ත මාලගමුවත් සහභාගී වුණා. තරඟයක් අතරතුරදී ඩිලන්ත මාලගමුවගේ රථය අනතුරකට ලක් වුණා. හැබැයි වාසනාවට ඩිලන්තට කිසිම හානියක් වුණේ නෑ. ඒ වුනත් ඔහුගේ Lamborghini රථයට නම් ලොකු හානියක් සිද්ධ වුණා.

මේ අනතුර නිසා ඩිලන්තට තරඟයත් අහිමි වුණා. ඒ නිසා ඔහු හිටියේ ගොඩක් දුකෙන්. ඔහු Facebook පිටුවේ සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් සමාව ඉල්ලලා සටහනකුත් තියලා තිබ්බා.

“මෙවර එන්ගලන්තයේ තිබුන තරගයේදී අනතුරකට ලක්වී තරග කරන්නට නොහැකි විය. ඔබ සියලු දෙනාගෙන් සමාව අයදමි. ගරු නවීන් දිසානායක ඇමති තුමා මට මෙවර Tea Board එකෙන් අනුග්‍රහයක් ලබා දුන්නා. එතුමාට ගොඩාක් ස්තුතියි. කොපමණ බාධක තිබුනත් ඉදිරියේ තරග වල ජයග්‍රහණය කර ලන්කාවට කීර්තියක් ගෙන දෙනවා.” කියලයි ඔහු සටහන තියලා තිබ්බා.


News Articles
Latest Videos
Most Popular Post