News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
22

“බෙංගාල බොක්කේ අඩු පීඩන තත්ත්වයක් ඇති වුනොත් වැසි වැඩි වෙන්න පුළුවන්” – කාලගුණයෙන් අනතුරු අඟවයි.

692 Views


“බෙංගාල බොක්කේ අඩු පීඩන තත්ත්වයක් ඇති වුනොත් වැසි වැඩි වෙන්න පුළුවන්” – කාලගුණයෙන් අනතුරු අඟවයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත්වලටත් වගේම ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලටත් අද පස්වරුවේ මිලිමීටර් 150ක පමණ තද වැසි ඇති වෙන්න පුළුවන් කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගිගුරුම් සහිත වැසි ඇති වන විට ඒ ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති වෙන්නත් පුළුවන්.

කන්කසන්තුරේ සිට පුත්තලම, කොළඹ සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගය පැයට කිලෝමීටර් 70, 80 දක්වා තාවකාලිකව ඉහළ යන්න පුළුවන් කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මේ අතර, සීමා මායිම් නොබලා අයහපත් කාලගුණ තත්ත්වයෙන් විපතට පත් ජනතාවට අවශ්‍ය සහන සලසන කියලා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අමාත්‍ය මණ්ඩලයට උපදෙස් දුන්නා.

බෙංගාල බොක්කේ පවතින කැළඹිලිසහගත තත්ත්වය අඩුපීඩන තත්ත්වයක් දක්වා වර්ධනය වුනොත් වැසි තවත් වැඩි වෙන්න පුළුවන්.

අද උදෑසන 8.30න් අවසන් වූ පැය 24ක කාලය තුළ වැඩිම වර්ෂාපතනය ලැබිලා තියෙන්නේ කුලියාපිටිය ප්‍රදේශයට. මිලිමීටර් 194.8ක වැස්සක් කුලියාපිටියට ලැබිලා තියෙනවා. ලක්ෂපාන, නෝර්ටන් ඔය, කොත්මලේ, දුම්මලසූරිය, කාසල්රී යන ප්‍රදේශවලට ද මිලිමීටර් 100 ඉක්ම වූ වැසි ඇද හැලුනා.


News Articles
Latest Videos
Most Popular Post