News Line| Off Air
Generic placeholder image

May
22

හයිද්‍රාබාද් සහ චෙන්නායි කණ්ඩායම් අතර අවසන් පූර්ව තරඟයේ ජය කාටද? විශ්ලේෂණාත්මක වාර්තාව මෙන්න.

689 Views


හයිද්‍රාබාද් සහ චෙන්නායි කණ්ඩායම් අතර අවසන් පූර්ව තරඟයේ ජය කාටද? විශ්ලේෂණාත්මක වාර්තාව මෙන්න.

IPL සැණකෙළියේ පළවෙනි අවසන් පූර්ව තරඟය අද පවත් වෙනවා. ඒ සන්රයිසස් හයිද්‍රාබාද් සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම් අතර. මේ තරඟයෙන් ජයග්‍රහණය කරන කණ්ඩායමට කෙලින්ම අවසන් මහා තරඟයට යන්න අවස්ථාව ලැබෙනවා.

හයිද්‍රාබාද් සහ චෙන්නායි කණ්ඩායම් අතර අන්තිමට පවත්වලා තියෙන තරඟ 5 න් 3 ක් ම චෙන්නායි කණ්ඩායම ජයග්‍රහණය කරලා තියෙනවා. හයිද්‍රාබාද් කණ්ඩායම ජයග්‍රහණය කරලා තියෙන්නේ තරඟ 2ක් විතරයි. මෙවර IPL තරඟාවලියේදී කන්දුඅම 2 අතර පැවති තරඟ 2 ම චෙන්නායි කණ්ඩායම ජයග්‍රහණය කරන්න සමත් වුණා.

හයිද්‍රාබාද් කණ්ඩායමේ සුපිරිම පිතිකරුවන් වන්නේ නායක කේන් විලියම්සන් සහ ශිකර් ධවාන්. චෙන්නායි කණ්ඩායමේ අම්බති රයුදු සහ නායක මහේන්ද්‍ර සිං දෝනි පිතිකරණයෙන් ඉදිරියෙන් සිටිනවා. ඒ වගේම චෙන්නායි කණ්ඩායමේ සුරේෂ් රයිනා තරඟාවලිය පුරාම සුපිරි දස්කම් දැක්වුවා.

පන්දු යැවීමේදී රෂිඩ් ඛාන් සහ කවුල් හයිද්‍රාබාද් කණ්ඩායමේ ඉදිරියෙන් ඉන්නවා. චෙන්නායි කණ්ඩායමේ ලුන්ගි නිගී සහ තාකුර් පන්දු යැවීම අතින් ඉදිරියෙන් ඉන්නවා.

කොහොම වුනත් මේ කරුණු දිහා බැලුවම පේන්නේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ජයග්‍රහණය කරන්න වැඩි අවස්ථා තියෙනවා කියලා. හැබැයි අමතක කරන්න හොඳ නෑ ක්‍රිකට් කියන්නේ අවිනිශ්චිත ක්‍රීඩාවක් කියලා. මෙවර IPL තරඟාවලියේ දක්වපු දස්කම් එක්ක ඔවුනුත් මේ තරඟය දිනන්න අවස්ථාවක් තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post