News Line| Off Air
Generic placeholder image

May
23

දීපිකා Films වලට බෑ කියන්නේ රන්වීර් එක්ක විවාහය ළඟ නිසාද?

659 Views


දීපිකා Films වලට බෑ කියන්නේ රන්වීර් එක්ක විවාහය ළඟ නිසාද?

පද්මාවත් Film එකට පස්සේ සුරූපී බොලිවුඩ් නිලි දීපිකා පදුකෝන් තාම එක Film එකක්වත් භාර අරං නෑ.ඒකට හේතුව රන්වීර් එක්ක විවාහ වෙන්න තියෙන නිසා කියලයි ගොඩාක් අය කිවුවේ. තව සමහරු කිවුවේ බෙල්ල සහ උරහිස ආශ්‍රිතව සැත්කමක් කරපු නිසා දීපිකා Films භාරගත්තේ නෑ කියලයි. හැබැයි අපිට ලැබුනු අලුත්ම ආරංචි වල හැටියට ඒ කතා දෙකම වැරදීයි. පද්මාවත් Film එකට පස්සේ දීපිකාට Film ගොඩකට ආරාධනා ලැබිලා. ඒ එකක්වත් දැන් තමන් ඉන්න තත්වෙට ගැලපෙන්නේ නැති නිසා දීපිකා බෑ කියලා. කොහොම වුණත් තෝරලා බේරලා තමන්ට ගැලපෙන චරිතයක් ලැබුණු ගමන් ආයෙත් රංගනයට එනවා කියලයි දීපිකා කියන්නේ. හැබැයි මෙහෙම ගණං ඉස්සුවොත් නං දීපිකාට ඉක්මනින්ම බැසයන තරුවක් වෙයි කියලයි බොලිවුඩ් විචාරකයෝ කියන්නේ.


News Articles
Latest Videos
Most Popular Post