පහුගිය දවස් කිහිපයේ තිබ්බ ඊයේ නම් ටිකක් සද්ද.වහලා හිටියේ. හැබැයි අද රෑ ඉඳන් ආයෙත් කාලගුණය කලබල කරන්න පටන් ගන්නවා කියලා කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සඳහන් කරනවා.
ලංකාවේ නිරිතදිග කොටසේ තිඉයෙන වැසි තත්වය තවත් වැඩි වෙනවා කියලයි එම දෙපාර්තුමේන්තුව සඳහන් කරන්නේ. බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල සරින් සැරේ ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන්.
අනිත් පළාත්වලට හවස 2,00 න් පස්සේ වැසි ලැබෙන්න පුළුවන්. යාපනය, මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්ක වල උදේටත් වැසි ඇද හැලෙන්න පුළුවන්. ගිගුරුම් සහිත වැසි ඇති වෙනකොට තද සුළං ඇති වෙන්නත් ඉඩකඩ තියෙනවා.