මේ වෙද්දී ලංකාවේ තවත් ඡන්ද උණුසුමක් ඇති වෙලා තියෙනවා. ඒ ක්‍රිකට් නිලවරණයට. පහුගිය දා ක්‍රිකට් ලොකු පුටුවට 4 දෙනෙක් නාම යෝජනා බාර දුන්නා. ඒ නම් දීපු අයට එරෙහිව විරෝධතා ගොනු කරන්න ඊයේ හවස 3.00 වෙනකන් කාලය දුන්නා.
ආයෙත් ක්‍රිකට් ලොකු පුටුවට තරඟ කරන වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතාට එරෙහිව විරෝධතා ගොනු කරලා තියෙනවා. ක්‍රිකට් ලොකු පුටුවට තරඟ වදින නිශාන්ත රණතුංග සහ ජයන්ත ධර්මදාස මහත්වරු තමයි මේ විරෝධතා ගොනු කරලා තියෙන්නේ.
නිශාන්ත මහතාගේ පාර්ශවයෙන් පිටු 1500 ක විරෝධතාවයක් ගොනු කරලා තියෙනවා. විරෝධතා ගොනු කරන්න දුන්න කාලය මදී කියලා ජයන්ත ධර්මදාස මහතාගේ පාර්ශවය තවත් විරෝධතාවයක් ගොනු කරා.