News Line| Off Air
Generic placeholder image

May
24

මිලිමීටර් 150ක තද වැසි අදත් රටපුරා. ඉදිරි පැය 24 කාලගුණ වාර්තාව මෙන්න.

627 Views


මිලිමීටර් 150ක තද වැසි අදත් රටපුරා. ඉදිරි පැය 24 කාලගුණ වාර්තාව මෙන්න.

ලංකාවේ නිරිතදිග කොටසේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වෙනවා කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් මිලිමීටර් 150ක පමණ තද වැසි ඇති වෙන්න පුළුවන්.

මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගයපැයට කිලෝමීටර් 60, 70 දක්වා වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම මුහුද රළු වෙන්න තියෙන ඉඩකඩත් වැඩී.

දිස්ත්‍රික්ක 18 කට බලපාලා තියෙන අයහපත් කාලගුණය නිසා පුද්ගලයින් 119,840 දෙනෙකු පීඩාවට පත් වෙලා තියෙනවා. මේ වෙද්දී මරණ 11 ක් වාර්තා වෙලා තියෙනවා.

පීඩාවට පත් වුන ජනතාව අවතැන් කදවුරු 229ක රදවා තියෙනවා කියලා ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරනවා. වැස්සත් එක්ක කළු ගඟේ ජල මට්ටම ඉහළ ගියා. ඒ නිසා ඊයේ රාත්‍රියේ රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවල ගංඟා ආශ්‍රිත පහත් බිම්වල ජනතාව ඉවත් කරා. රත්නපුර, කිරිඇල්ල, ඇලපාත, කුරුවිට, කළුතර, මදුරාවල, දොඩම්ගොඩ, හොරණ, පාලින්ද නුවර, බුලත්සිංහල, ඉංගිරිය, යන ප්‍රදේශවල ජනතාව ආරක්ෂක ස්ථානවලට යොමු කරලා තියෙනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා ඒකක කරේ කළු, කැළණි සහ ගිං ගංඟාවල ඇතැම් ස්ථාන තවමත් සුළු ගං වතුර මට්ටමක තියෙනවා කියලා. වැස්සෙන් වැඩිම බලපෑම් එල්ල වෙලා තියෙන්නේ පුත්තලම සහ රත්නපුර දිස්ත්‍රික්කවලට. පුත්තලම දිස්ත්‍රික්කයේ කුඩා වැව් සියල්ලම මේ වෙද්දී වාන් දානවා.

ගම්පහ සහ කොළඹ යන දිස්ත්‍රික්කවලත් ඇතැම් පහත් බිම් ජලයෙන් යට වෙලා තියෙනවා. කැළණි ගඟ පිටාර ගැලීමත් නිසා බියගම මල්වාන ප්‍රදේශයේ මාර්ග මෙන්ම පහත් බිම් රැසක් තාමත් ජලයෙන් යට වෙලා තියෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post