News Line| Off Air
Generic placeholder image

May
24

හයිද්‍රාබාද් සමඟ දෙවෙනි අවසන් පූර්ව වටයට කොල්කටා කණ්ඩායම් සුදුසුකම් ලබයි.

679 Views


හයිද්‍රාබාද් සමඟ දෙවෙනි අවසන් පූර්ව වටයට කොල්කටා කණ්ඩායම් සුදුසුකම් ලබයි.

IPL සැණකෙළියේ තවත් තීරණාත්මක තරඟයක් ඊයේ පැවැත් වුණා. ඒ Kolkata Knight Riders සහ Rajasthan Royals අතර. මේ තරඟයේ ජයග්‍රහණය කරන කණ්ඩායම තමයි හයිද්‍රාබාද් කණ්ඩායම සමඟ දෙවෙනි අවසන් පූර්ව තරඟයට සුදුසුකම් ලබන්නේ. පහසු තරඟයකින් පස්සේ ලකුණු 25 ක ජයක් ලබා ගන්න ෂාරුක් ඛාන්ගේ කොල්කටා කණ්ඩායම සමත් වුණා.

මුලින්ම පන්දුවට පහර දුන්නේ කොල්කටා ක්‍රීඩකයින්. ඔවුන්ගේ මුල්පෙළ පිතිකරුවන් අසාර්ථක වුණා. හැබැයි මැද පෙළ පිතිකරුවන් කොල්කටා කණ්ඩායම ජයග්‍රාහී ලකුණක් කරා ගෙනියන්න සමත් වුණා.

ශුබ්මන් ලකුණු 28 යි. නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කල දිනේෂ් කාර්තික ලකුණු 52 යි. වේගවත් ඉනිමක් ක්‍රීඩා කල ඇන්ඩෘ රසෙල් නොදැවී ලකුණු 49 යි. ඔහුගේ ඉනිම 4 පහර 3 කින් සහ 6 පහර 5 කින් වර්ණවත් වුණා. ගෝතම්, ආචර් සහ බෙන් කඩුලු 2 බැගින් දවා ගත්තා. පන්දුවාර 20 අවසානයේ කොල්කටා කණ්ඩායම ලකුණු 169 ක් ලබා ගත්තා. ඔවුන්ගේ කඩුලු 7ක් ඒ වෙද්දී බිඳ වැටුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ පිතිකරුවන්ට ජයග්‍රහණයට අවශ්‍ය ලකුණු වේගය ලබා ගන්න බැරි වුණා. අජින්කයා රහනේ ලකුණු 46 යි. ට්‍රිපාති ලකුණු 20 යි. සංජු සැම්සන් ලකුණු 50 ක් ලබා ගත්තා.

පන්දුවාර 20 අවසන් වෙද්දී රාජස්ථාන් පිතිකරුවන්ට ලබා ගන්න පුළුවන් වුණේ ලකුණු 144 ක් විතරයි. රාජස්ථාන් පිලේ කඩුලු 4 ක් බිඳ වැටුණා. චව්ලා කඩුලු 2 යි. තරඟයේ වීරයා ඇන්ඩෘ රසෙල්.

අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගන්න සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සටන් වඳින්න නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post