News Line| Off Air
Generic placeholder image

May
24

හැරී කුමරුට මී මැස්සෝ අනිද්දී මේගන් මහා හයියෙන් හිනා වෙයි. – Photo

1204 Views


හැරී කුමරුට මී මැස්සෝ අනිද්දී මේගන් මහා හයියෙන් හිනා වෙයි. – Photo

රාජකීය විවාහයෙන් පස්සේ පහුගිය දා බ්‍රිතාන්‍ය රජ පවුල තවත් සුවිශේෂී උත්සවයක් සැමරුවා. ඒ චාල්ස් කුමාරයාගේ 70 වෙනි උපන් දිනය. හැබැයි චාල්ස් කුමාරයාගේ උපන්දිනය යෙදිලා තියෙන්නේ නොවැම්බර් මාසේ 14 වෙනිදා.

මාස 6 ක් ම කලින් උපන්දිනය සමරන්න හේතු කිහිපයක්ම තිබ්බා. ප්‍රධානම හේතුව තමයි රාජකීය විවාහයට සහභාගී වුන චාල්ස් කුමාරය නියෝජනය කරන ස්වේච්ඡා සේවා සාමාජිකයින් එක්ක උපන්දිනය සමරන්න ඕන නිසා. ඒ වගේම චාල්ස් කුමාරයාගේ ආදරණීය පියාණන් වන පිලිප් කුමරු අසනීප තත්වයෙන් ඉන්න නිසා ඔහුවත් සහභාගී කර ගන්න තිබ්බ වුවමනාව.

මේ උපන්දින උත්සවයට 6000 ක් විතර සහභාගී වෙලා හිටියා. ඒ වගේම විවාහයෙන් පස්සේ හැරී සහ මේගන් සහභාගී වුන පලවෙනි උත්සවයත් මේක. මේ උත්සවයේදී හැරී කුමාරයා විශේෂ කතාවක් කරා. හැබැයි ඔහු කතාව කරද්දී අපූරු සිදුවීමක් වුණා.

හැරී කුමරු කතා කරද්දී මී මැස්සෙක් ඇවිත් ඔහුගේ මුහුණේ වැහුවා. ඒ නිසා කුමාරයාට කතාවත් පැටලුනා. හැරී කතාව නවත්තලා ඒ ගැන ඇවිල්ල හිටිය හැමෝටම කිව්වා. ඒ කතාවට නම් මේගන් හයියෙන් හිනා වුණා.

මේ තියෙන්නේ චාල්ස් කුමාරයාගේ උපන්දින උත්සවයේ ඡායාරූප.


News Articles
Latest Videos
Most Popular Post