ලෝකයේ බිහිවුන සුපිරිම ක්‍රිකට් ක්‍රීඩකයෙක් තමයි A.B. ඩිවිලියස් කියන්නේ. හැබැයි ලෝකයේ සියලුම ක්‍රිකට් ලෝලින්ව හඬවමින් ඔහු ඊයේ ක්‍රිකට් වලින් සමු ගත්තා. ඔහුගේ සමුගැනීම ලංකාවේ අයටත් ලොකුවට දැනිලා තිබ්බා.
ඒ නිසා ඩිවිලියස් වෙනුවෙන් විවිධ Post බුකිය පුරා පළවුණා. ලංකාවේ අය ඩිවිලියස්ට ඒ විදියට ගෞරව කරද්දී ඔහු ලංකාවට කරපු කතා වැඩක් ගැන හෙළිවෙලා තියෙනවා. A.B. ඩිවිලියස් ඉන්දියාවේ ප්‍රසිද්ධ වැඩසටහනකදී කෝලි එක්ක එකතු වෙලා ලංකාවේ ක්‍රිකට් වලට අපහාස කරලා තියෙනවා.
ඉන්දියාවේ ජනප්‍රිය සමාජ ජාල Video නිෂ්පාදකයින් දෙන්නෙක් එක්ක වැඩසටහනකට A.B. ඩිවිලියස්, විරාත් කෝලි සහ යුස්වෙන්ද්‍ර චහල් එකතු වුණා. මේ සටහනේදී නිවේදකයන් කෝලිගෙන් අහනවා “ශ්‍රී ලංකාව එක්ක ක්‍රීඩා කරන එක නතර කරන්න බැරිද” කියලා. කෝලි වෙනුවට මේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නේ A.B. ඩිවිලියස්.
“ශ්‍රී ලංකාව එක්ක ක්‍රීඩා කරනවා කියන්නේ ක්‍රිකට් තරඟයක් වගේ නෙවෙයි. ඉන්දියාව කවදාවත් ලංකාවට පරදින්නේ නෑ.” කියලා ඩිවිලියස් කියනාවා. ඔහුගේ මේ කතාවට වීරත් කෝලි මහා හඬින් හිනා වෙනවා. මේ තියෙන්නේ ඒ අවස්ථාවේ Video එක.
(ලංකාවට අපහාසක් කරන අවස්ථාව බලන්න විනාඩි 9 යි තත්පර 34 සිට බලන්න.)
https://youtu.be/5WBIrw8LFMg?t=575