News Line| Off Air
Generic placeholder image

May
24

“ශ්‍රී දේවීගේ මරණය සැලසුම් කල මරණයක්.” – ඉන්දියාවේ සහකාර පොලිස් අධිකාරිවරයෙක්ගෙන් හෙළිදරව්වක්.

667 Views


“ශ්‍රී දේවීගේ මරණය සැලසුම් කල මරණයක්.” – ඉන්දියාවේ සහකාර පොලිස් අධිකාරිවරයෙක්ගෙන් හෙළිදරව්වක්.

බොලිවුඩ් සිනමාවේ හිටිය සුරූපිම නිළියන් කිහිප දෙනාගෙන් කෙනෙක් තමයි ශ්‍රී දේවී. අවාසනාවන්ත විදියට ඇය හදිසියේම මිය ගියා. හැබැයි ඇයගේ මරණය මිනී මැරුමක් කියලා වටින් ගොඩින් කතා ඇහුණා.

ඒ වුනත් කාලයත් එක්කම ඇයගේ මරණය ගැන කතා යට ගියා. හැබැයි ආයෙත් ශ්‍රී දේවිගේ මරණය ගැන කතාව උද ඇවිත් තියෙනවා. ඒ ඉන්දියාවේ විශ්‍රාමික පොලිස් අධිකාරිවරයෙක් කල ප්‍රකාශයක් එක්ක.

ශ්‍රී දේවීගේ මරණය සැලසුම් කල මරණයක් කියලා නවදිල්ලියේ විශ්‍රාමික පොලිස් අධිකාරි වෙඩ් භූෂාන් ප්‍රකශ කරනවා. නාන බේසමකට කෙනෙක්ව දාල හදිසි අනතුරක් වගේ පෙන්නන එක ලේසි කියලයි ඔහු චෝදනා කරන්නේ.

ඩුබායි බලධාරීන්ගේ මරණ පරීක්ෂණය පිළිගන්න බෑ කියලයි ඔහු කියන්නේ. තමන් ඩුබායි ජුමෙයිරා හෝටලයට ගියත් ශ්‍රී දේවි නතර වෙලා හිටිය හෝටල් කාමරයට යන්න දුන්නේ නෑ කියලා සහකාර පොලිස් අධිකාරිවරයා චෝදනා කරනවා.

ශ්‍රී දේවි වගේ උස කෙනෙක් නාන බේසමේ ගිලිලා මැරෙන්න කොහෙත්ම ඉඩක් නෑ කියලා ඔහු පෙන්වා දෙනවා.


News Articles
Latest Videos
Most Popular Post