රජ පවුලටකට එකතු වෙන්න ලොකු වාසනාවක් තියෙන්න ඕන. ඒ වගේ වාසන්වක් තියෙන කෙනෙක් තමයි මේගන් මාකල් කියන්නේ. සාමාන්‍ය පවුලක ඉපදුන මේගන් දැන් රජ කුමරියක්.
මෙගන් නිසා රජ පවුලට එකතු වෙන්න තවත් කෙනෙක්ට වාසනාව ලැබිලා. ඒ තමයි මේගන්ගේ ආදරණීය සුරතලා “Guy”. කැනඩාවේ බලු අනාථාගාරයකින් තමයි Guy ව අරගෙන තියෙන්නේ.
පහුගිය අවුරුද්දේ මේගන් Kensington මාළිගාවට එද්දී Guy වත් අරගෙන තමයි ආවේ. හිසට වහලවත් නැතුව ඉඳලා බලු අනාථාගාරයට ආව Guyට දැන් රජ සැප ලැබිලා තියෙනවා.
පහුගිය දවසක මහ රැජිනත් එක්ක ලන්ඩන් නගරයේ සවාරියක් යන්නත් Guyට අවස්ථාව ලැබුණා.