News Line| Off Air
Generic placeholder image

May
24

රටම ආදරය කල විනිසුරු ඉලන්චේලියන් යාපනය මහාධිකරණ විනිසුරු ධූරයට සමුදෙයි.

594 Views


රටම ආදරය කල විනිසුරු ඉලන්චේලියන් යාපනය මහාධිකරණ විනිසුරු ධූරයට සමුදෙයි.

ජාති ආගම් බේදයක් නැතුව මුළු ලංකාවේම ගෞරවයට පත්‍ර වුන කෙනෙක් තමයි යාපනය මහාධිකරණ විනිසුරු ඉලන්චේලියන් මහතා. එතුමා දුන්න නඩු තීන්දු මුළු රටේම කතා බහට ලක් වුණා.

එතුමා යාපනය මහාධිකරණ විනිසුරු ධූරයට සමු දීලා තියෙනවා. ඒ ත්‍රිකුණාමලයේ මහාධිකරණ විනිසුරු විදියට වැඩ බාර ගන්න. අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් තමයි මේ පත් කිරීම කරලා තියෙන්නේ. ලබන න් 8 වෙනිදා එතුමා ත්‍රිකුණාමලය මහාධිකරණයේ වැඩ බාර ගන්න නියමිතයි.

විනිසුරු ඉලන්චේලියන් මහතා විද්‍යා දැරියගේ ඝාතකයන්ට දුන්න නඩු තීන්දුව ලෝකයේම පැසසුමට ලක් වුණා. ඒ වගේම එතුමාගේ ආරක්ෂකයින්ට වෙඩි තිබ්බ මොහොතේ එතුමා සංවේදී වුන හැටි හැමෝගෙම නෙතට කඳුලක් එක් කරා.

ඉලන්චේලියන් මහතාගේ ස්ථාන මාරුව වෙනස් කරන්න දෙමළ ජාතික සංවිධානයේ මන්ත්‍රීවරු උත්සහා කරලා තියෙනවා. හැබැයි ඉලන්චේලියන් මහතා මාරුව වෙනස් කරන්න එපා කියලා ඉලල්ලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post