ඇමෙරිකාවයි උතුරු කොරියාවයි කියන්නෙ නයයි මුගටියයි වගේ රටවල් දෙකක්. ඒ වුනත් පහුගිය දවස් වල ඔවුන් සමුළුවක් සඳහා සූදානම් වුණා. හැබැයි පහුගිය දවස් ටිකේ රටවල් දෙකම එකිනෙකට දොස් කියා ගත්තා.
ඊයේ ඩොනල් ට්‍රම්ප් ඒ සමුළුව අවලංගු කරා. ඔහු මේ බව ලිපියකින් දැනුම් දීලා තියෙනවා. උතුරු කොරියානු නායකයාගේ අසීමාන්විත කෝපය සහ විවෘත වෛරය නිසා තමන් මේ තීරණය ගත්තා කියලයි ට්‍රම්ප් ලිපියේ සඳහන් කරලා තියෙන්නේ.
“මුළු මහත් ලෝකයටම සාමය සඳහා වූ හොඳ අවස්ථාවක් ගිලිහී ගියා. කවදා හරි දවසක් ඔබව මුණගැහේවි කියලා හිතනවා. සිරකරුවන් නිදහස් කරපු එක ගැන මම ඔබට ස්තුති කරනවා.” කියලා ට්‍රම්ප් ලිපියේ සඳහන් කරලා තියෙනවා.
උතුරු කොරියාව තමන් සතුව තිබ්බ එකම න්‍යෂ්ටික පරීක්ෂණාගාරයේ උමගත් ඊයේ විනාශ කරා. ඊට පස්සේ තමයි ට්‍රම්ප් මේ ලිපිය නිකුත් කරලා තියෙන්නේ. කොහොම වුනත් ට්‍රම්ප් තමන්ගේ ලිපියෙන් උතුරු කොරියාවට තර්ජනයක් කරන්නත් අමතක කරලා නෑ.
“ඔබ විසින් න්‍යෂ්ටික හැකියාවන් ගැන කතා කරනවා. හැබැයි අපි සතුව ඊට වඩා අතිශයින් දැවැන්ත හා බලසම්පන්න දේවල් තියෙනවා. මම දෙවියන් වහන්සේට යාඥා කරනවා කිසිම වෙලාවක ඒවා භාවිතයට ගන්න සලස්වන්න එපා කියලා.” ට්‍රම්ප් ලිපියේ ඒ විදියට සදහන් කරලා තිබ්බා.