News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
25

පියාගේ මරණය නිසා ධනංජය ද සිල්වාට කොදෙව් සංචාරය මඟ හැරෙයි.

623 Views


පියාගේ මරණය නිසා ධනංජය ද සිල්වාට කොදෙව් සංචාරය මඟ හැරෙයි.

ධනජය සිල්වාගේ පියා ඊයේ රාත්‍රියේ වෙඩි ප්‍රහාරයකින් මිය ගියා. රන්ජන් ද සිල්වා නම් එතුමා රත්මලානේදී තමයි මේ වෙඩි ප්‍රහාරයට ලක් වුණේ.

අද හවස කොදෙව් සංචාරයට යන කණ්ඩායමට ධනජය සිල්වාත් තෝරාගෙන තිබ්බා. හැබැයි පියාගේ වියෝව නිසා ධනංජය ථරංගවලිඑන් ඉවත් වෙලා තියෙනවා. කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයන් ඊයේ රාත්‍රියේම කළුබෝවිල රෝහලට ගිහින් ධන්ජයගේ පියාට අවසන් ගෞරව දක්වලා තියනවා.

ධනංජය අන්තිමට ක්‍රීඩා කරපු ටෙස්ට් තරඟයේදී ඉන්දියාවට එරෙහිව ශතකයක් රැස් කරා. ඔහු මේ වෙද්දී ටෙස්ට් තරඟ 13 කට සහ එක්දින තරඟ 17 කට ක්‍රීඩා කරලා තියෙනවා. වේගවත්ම ටෙස්ට් ලකුණු 1000 ලබා ගත්ත ශ්‍රී ලංකික පිතිකරුවාගේ වාර්තාව සම කරන්නත් ධනංජය සමත් වුණා.


News Articles
Latest Videos
Most Popular Post