News Line| Off Air
Generic placeholder image

May
25

මහා රාවණා දෙවන දිග හැරුම “රාක්ෂායණය” පටං ගන්න දවස මෙන්න.

4643 Views


මහා රාවණා දෙවන දිග හැරුම “රාක්ෂායණය” පටං ගන්න දවස මෙන්න.

සියත FM ඔස්සේ වික්ෂය වුන “මහා රාවණා” වැඩසටහනට අති විශාල ශ්‍රාවක ප්‍රතිචාරයක් ලැබුණා. මහා රාවණා ඉතිහාසය ගැන සැඟවුන තොරතුරු හොයා යන්න මහා රාවණා වැඩසටහන් ඔස්සේ ඔබට පුළුවන් වුණා.

කොහොම වුනත් හිටි හැටියේම මහා රාවණා වැඩසටහන නැවතුනා. වැඩසටහන නිෂ්පාදනය සහ ඉදිරිපත් කිරීම කල ගයාන් සඳකැලුම් මහතා ඒ ගැන හේතුවක් සඳහන් කරෙත් නෑ. ඒ වුනත් වැඩසටහන නැවැත්තුව දවසේ ඉඳලම ආයෙත් මහා රාවණා වැඩසටහන පටන් ගන්න කියලා විශාල ඉල්ලීම් ප්‍රමාණයක් සියත FM එකට වගේම ගයාන් මහතාට ආවා.

ප්‍රේක්ෂකයින්ගේ දැවැන්ත ප්‍රතිචාර එක්ක මහා රාවණා දෙවෙනි දිගහැරුම ආයෙත් පටන් ගන්නවා කියලා ගයාන් මහතා අපිට දැනුම් දුන්නා. මහා රාවණා දෙවන දිගහැරුම “රාක්ෂායණය” ඔබට අහන්න ලැබෙන දවස අපිට දැන ගන්න ලැබුණා. මේ මාසේ 31 වෙනිදා “රාක්ෂායණය” පටන් ගන්නවා. සුපුරුදු පරිදි රාත්‍රී 7.01 ට ඔබට “රාක්ෂායණය” ට සවස් දෙන්න පුළුවන්.

“රාක්ෂායණය” ඔස්සේ වෙනස්ම වූ අත්දැකීමක් ඔබ වෙත ගෙන එන්න සියත FM සූදානමින් ඉන්නවා.


News Articles
Latest Videos
Most Popular Post