අද ලග්න 3 ක් රෝග පීඩා වලින් පරිස්සම් වෙන්න ඕන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.
732 Views
අද 2018 මැයි මස 26 වන සෙනසුරාදා
රාහු කාලය දිවා කාලය සඳහා උදෑසන 09.00 සිට උදෑසන 10.33 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 09.14 සිට 10.40 දක්වා
සුභ දිශාව: බස්නාහිර
අසුභ දිශාව: නැගෙනහිර
මේෂ ලග්නය

රෝග පීඩා වලින් ප්‍රවේසම් විය යුතු දිනයකි. සමාජ ඇසුරේදී වඩාත් කල්පනාකාරීව මෙන්ම නිහතමානිව කටයුතු කිරීමට වග බලාගන්න. රැකියා හා ව්‍යාපාර කටයුතු වෙනදට වඩා සාර්ථක වන දිනයකි. ධනය හා ජයග්‍රහණයන් ලැබෙන ඉතාම සුභ දිනයකි. පෙරමුණ ගෙන කටයුතු කිරීමට අවස්තාව ලැබෙන දිනයකි. තැනට සුදුසු නුවනින් යුතුව කටයුතු කිරීමට වග බලාගන්න.
ජය වර්ණය: රතු පැහැය ජය අංකය: 03
වෘෂභ ලග්නය

වඩාත් යහපත් දිනයකි. කලා කටයුතු වලට මෙන්ම අනෙකුත් විෂය බාහිර කටයුතු වලටද වඩාත් සුභ දිනයකි. ඉවසීමෙන් යුතුව දිනය ගතකිරීම වඩාත් යහපත්. දිනය සතුටින් ගතකළ හැකිය. තැනට සුදුසු තීරණ ගතයුතු දිනයකි. දෙමව්පියන්ට හා තමන්ගේ සමීපතමයින්ට වඩාත් ගෞරවයෙන් සලකන්න.
ජය වර්ණය: සුදු පැහැය ජය අංකය: 06
මිථුන ලග්නය

අනතුරු හා පීඩා වලින් ඔබ ආරක්ෂා වීමට වග බලාගත යුතු දිනයකි. ඔබේ කතාවේදී මෙන්ම ගන්න තීන්දු තීරණ වලදී සැලකිලිමත් වන්න. විනෝදයට හා කැපී පෙනීමට වැඩි උනන්දුවක් දක්වන දිනයකි. වියදම් වැඩි වේවි. රැකියා හා ව්‍යාපාර වලින්ද වැඩි ලාභ ලබාගත හැකි ආර්ථික ශක්තිය නොමදව ලැබෙන දිනයකි. නමුත් වියදම් ගැනද වඩාත් කල්පනාවෙන් කටයුතු කළයුතු දිනයකි.
ජය වර්ණය: ලා නිල් පැහැය ජය අංකය: 04
කටක ලග්නය

ඉවසීම නම් අද ඔබට වඩාත් වැදගත් වන දිනයකි. අවේගශීලිව කටයුතු නොකරන්න. යම් පාලනයකින් යුතුව කටයුතු කළයුතු දිනයකි. යම් යම් වියදම් වැඩිවන දිනයකි. අරපිරිමැස්මෙන් කටයුතු කල යුතුයි. නව ආදායම් මාර්ග ඇතිවන දිනයකි. ආගමානුකුලව හා ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න. අන් අයට ගරුත්වයෙන් සළකන්න.
ජය වර්ණය: සුදු පැහැය ජය අංකය: 02
සිංහ ලග්නය

සතුරු බල යටපත් කරගෙන කටයුතු කළහැකි දිනයකි. ඔබ කරන කටයුතු වලටද වැඩි වටිනාකමක් ලැබෙන දිනයකි. ඔබේ වැඩ කටයුතු සාර්ථක කරදෙන දිනයකි. මුදල් ලාභ ලැබෙන දිනයකි. අනවශ්‍ය දේ ඉවතලා කටයුතු කරන්න. අසරණ අයට පිහිට වන්න. තම දෙමාපියන්ට යුතුකම් ඉටු කරන්න. දුර බැහැර ගමන් බිමන් යෙදෙන දිනයකි. විදෙස් ගමන් බිමන් වලට අවශ්‍ය දේවල් සැකසෙන දිනයකි. වැඩිහිටි උපදෙස් පිළිපදින්න.
ජය වර්ණය: රන්වන් පැහැය ජය අංකය: 01
කන්‍යා ලග්නය

කරන සෑම කටයුත්තක්ම සාර්ථක කරගත හැකි දිනයකි. යහපත් මංගල යෝගද යෙදී ඇති දිනයකි. කල්පනාවෙන් යුතුව කටයුතු කරන්න. අධ්‍යාපන වැඩ කටයුතු වලට මෙන්ම කාර්මික වැඩ කටයුතු වලටද සුභ දිනයකි. වැඩිහිටි උපදෙස් මත කටයුතු කරන්න. අන් අය අතර සිත් තැවුල් ඇතිවීමට ඉඩ ඇති බැවින් වඩාත් කල්පනාකාරී විය යුතු දිනයකි.
ජය වර්ණය: කොළ පැහැය ජය අංකය: 05
තුලා ලග්නය

ආත්ම ශක්තිය නම් ඉතාම ඉහල දිනයකි. ඔබේ සමාජ ඇසුරේදී මෙන්ම කතාවේදී ඔබ වඩාත් ප්‍රවේසම් විය යුතුයි. අන් අයට වඩාත් ආදරයෙන් සළකන්න. ව්‍යාපාර කටයුතු වලින් වැඩි ලාභ ලැබිය හැකි දිනයකි. කායික සුවතාවයක් ලැබෙන දිනයකි. තීන්දු තීරණ ගැනීමේදී වඩාත් ප්‍රවේසම් වන්න. අන් අය අතර ප්‍රශංසාවට ලක්වන දිනයකි. නිසි වෙලාවට ආහාර ගැනීමට යොමුවන්න. තැනට සුදුසු නුවනින් යුතුව කටයුතු කරන්න.
ජය වර්ණය: ලා කොළ පැහැය ජය අංකය: 01
වෘශ්චික ලග්නය

ඔබට එන අනතුරු මෙන්ම සතුරු පීඩා වලින් ඔබ ආරක්ෂා විය යුතු දිනයකි. අන් අය අතර ඔබ නිහතමානිව කටයුතු කිරීමට සිතට ගතයුතු දිනයකි. ඔබ යහපත්ව ඔබ ක්‍රියා කරනවානම් අනිවාර්යෙන්ම ඔබේ වැඩ කටයුතු වල සාර්ථකත්වයක් දැකිය හැකි දිනයකි. තීරණ ගැනීමේදී වඩාත් කල්පනාකාරී වන්න. දෙමාපිය උපදෙස් අනිවාර්යෙන්ම පිළිපදින්න.
ජය වර්ණය: ක්‍රීම් පැහැය ජය අංකය: 04
ධනු ලග්නය

කතාවේදී ඔබ ආවේගශීලී විය හැකිය. එබැවින් ඔබ ඉවසීමෙන් හා මනා සංයමයකින් යුතුව කටයුතු කළයුතු දිනයකි. ආවේගශීලී ගති ලක්ෂණ ඔබ අනිවාර්යෙන්ම පාලනය කරගත යුතු දිනයකි. ඔබ තුල විශාල ශක්තියක් පවතින දිනයකි. සැලසුම් සහිතව වැඩ කටයුතු ආරම්භ කරන්න. නිතරම දෙවරක් සිතා බලා කටයුතු කරන්න. ඉවසීම මෙන්ම නිහතමානිකම හා දුර දක්නා නුවණ මත කටයුතු කරන්න.
ජය වර්ණය: රන්වන් පැහැය ජය අංකය: 09
මකර ලග්නය

සිහිබුද්ධියෙන් යුතුව කටයුතු කළයුතු දිනයකි. උසස් අයගේ ආධාර ලැබෙන දිනයකි. නව ව්‍යාපාර මාර්ග, නව රැකියා මෙන්ම නව ආදායම් මාර්ග ඇතිවන දිනයකි. උත්සාහවන්ත වන්න. ලාභ ප්‍රයෝජන ලැබෙන දිනයකි. මුදල් භාවිතයේදී නම් වඩාත් සැළකිලිමත් විය යුතු දිනයකි. යම් යම් දේවල් වලදී නියත ජය ලැබිය හැකි දිනයකි. සමාජ සේවා වැඩ කටයුතු වල කැමැත්තෙන්ම ඔබ යොමුවන දිනයකි.
ජය වර්ණය: නිල් පැහැය ජය අංකය: 05
කුම්භ ලග්නය

තම පවුල ගැන වැඩියෙන් වෙහෙසීමට සිදුවන දිනයකි. ඔබේ ඉවසීම වැදගත් වේවි. ඔබේ බොහෝ අරමුණු හා බලාපොරොත්තුද සාක්ෂාත් කරගැනීමට හැකිවන දිනයකි. ඔබේ දැනුමට නිසි වටිනාකමක් ලැබෙන දිනයකි. තීරණ ගැනීමේදී අද දින වෙනදට වඩා සැළකිලිමත් විය යුතු දිනයකි. ලැබුනත් වඩාත් කල්පනාවෙන් කටයුතු කළයුතු දිනයකි. දෙමව්පියන්ගේ ආශිර්වාදය තුල දිනය වඩාත් යහපත් කරගැනීමේ හැකියාව පවතින දිනයකි.
ජය වර්ණය: නිල් පැහැය ජය අංකය: 06
මීන ලග්නය

මානසික ආනතිය දුරුව යන සුභ දිනයකි. මනා විශ්වාසයකින් යුතුව ඔබ කටයුතු කළහැකි දිනයකි. ඔබේ ආදායම් තත්වය යහපත් වන දිනයකි. සමාජ ඇසුරේදී මෙන්ම ඔබේ කතාබහේදී වඩාත් කල්පනාකාරී විය යුතුයි. නමුත් වියදම් තත්වයද ඉහල යන දිනයකි. යටපත්ව තිබු කුසලතා නැවත මතුවන දිනයකි. නිලතල ලැබෙන දිනයකි. ඔබේ වටිනාකම් හා දැනුම තුළින් දිනය වඩාත් සාර්ථක කරගැනීමේ හැකියාව පවතියි. දුරදක්නා නුවණින් යුතුව දෙමාපිය උපදෙස් මත කල්පනාකාරීව දිනය ගත කිරීම වඩාත් යහපත්.
ජය වර්ණය: ලා නිල් පැහැය ජය අංකය: 05
ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී වයි. එම්. කේ. යාපා බණ්ඩාර
දුරකථන: 0777 44 86 44