සුපිරි බොලිවුඩ් නලු සන්ජේ දත්ගේ ජීවිත කතාව චිත්‍රපටයකට
632 Views
සුපිරි බොලිවුඩ් නලු සන්ජේ දත්ගේ ජීවිත කතාව ඇතුලත් සංජු චිත්‍රපටය ලබන මාසේ 29 ඉදලා තිරගත වෙනවා. සංජේ දත් සහ ඔහුගේ තාත්තා අතර තිබුණු බැදීම තමයි මේ චිත්‍රපටයේ තියෙන්නේ. සංජයගේ චරිතය රගපාන්නේ සුපිරි නලු රන්බීර් කපූර්. එතකොට සංජයගේ තාත්තගේ චරිතය රගපාන්න තෝර්ගෙන තිබුණේ සුපිරි නලු අමීර් කාන්ව.
Pk, 3 idiots, වගේ ෆිල්ම්ස් නිශ්පාදනය කරපු රාජ් කුමාර් හිරානි තමයි සංජු Film එකත් නිර්මාණය කරන්නේ. ඉතිං අමීර්ගේ හැකියාව දන්න නිසා සංජයගේ තාත්තගේ චරිතය ඔහුට දෙන්නයි සංජු නිශ්පාදකයා තීරණය කරේ. හැබැයි සංජු පිටපත කියෙවුවට පස්සේ අමීර් සංජු Film එකේ රගපාන්න බෑ කියලා. එහෙම බැහැ කිවුවේ ඇයි කියලා පහුගිය දවසක මාධ්‍යවේදීන් අමීර්ගෙන් ඇහුවා. එතකොට අමීර් කිවුවේ මෙහෙම කතාවක්.
ඇත්තටම සංජය දත්ගේ සහ තාත්තාගේ චරිතය Film එකේ ලස්සනට ගලාගෙන යනවා. හැබැයි එතන සංජය දත්ගේ චරිතය මට හිතා ගන්න බැරි තරම් ලස්සනයි. මට හිතුණා සංජු ෆිල්ම් එකේ මම රගපානවා නං රගපාන්න ඕනේ සංජයගේ චරිතය විතරයි කියලා. එතකොට රන්බීර්ව ඒ චරිතයට තෝරගෙන ඉවරයි. ඒ නිසා මම ඒකෙන් අයින් වුණා. හැබැයි මම ඉවසිල්ලක් නැතුව ඉන්නේ සංජු බලන්න.
https://youtu.be/rRr1qiJRsXk