News Line| Off Air
Generic placeholder image

May
28

රන්වීර් සිං සහ දීපිකා පදුකෝන්ගේ විවාහය සිද්ධවෙන හරිම දවස මෙන්න.

917 Views


රන්වීර් සිං සහ දීපිකා පදුකෝන්ගේ විවාහය සිද්ධවෙන හරිම දවස මෙන්න.

මේ වෙද්දි බොලිවුඩයේ වැඩිම අවධානයක් දිනා ගත්ත පෙම්වතුන් යුවල තමයි සුපිරි නලු රන්වීර් සිං සහ දීපිකා පදුකෝන්.

දැන් හැමෝම ඉවසිල්ලක් නැතුව බලං ඉන්නේ දීපිකා රන්වීර් විවාහය සිද්ධ වෙනකං. මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් Wedding එක ගන්නයි දීපිකා හිතා ගෙන හිටියේ. ඉතිං පහුගිය දවස් වල බොලිවුඩයේ කටකතාවක් පැතිරුනා දීපිකා රන්වීර් මේ දෙසැම්බර් මාසේ විවාහ වෙනවා කියලයි. හැබැයි අපිට ලැබුණු අලුත්ම ආරංචියේ හැටියට නොවැම්බර් 19 දීපිකා සහ රන්වීර් විවාහ වෙන්න තීරණය කරලා.

විවාහය සිද්ධ වෙන්නේ කොහොමද කියලා දැන් රන්වීර් සහ දීපිකාගේ පවුල් වල අය Plan කරනවලු. ඒ වගේම දීපිකා ඊළග මාස කිහිපය Films භාර ගන්නැතුව ඉන්නත් තීරණය කරලා.

ඒ කොහොම වුණත් රන්වීර් දීපිකා විවාහය ආ‍යිශ්වර්‍යා අභිශේක් විවාහයෙන් පස්සේ ලෝකයේ වැඩිම අවධානයක් දිනා ගන්න බොලිවුඩ් විවාහය වෙයි කියලයි හැමෝම කතා වෙන්නේ.

 


News Articles
Latest Videos
Most Popular Post