News Line| Off Air
Generic placeholder image

May
26

ධනංජයගේ අයියගේ දේශපාලනය මෙන්න. (VIDEO)

2479 Views


ධනංජයගේ අයියගේ දේශපාලනය මෙන්න. (VIDEO)

ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වන රංජන් සිල්වා වෙඩි තබා ඝාතනය කිරීම පිළිබද පුවත අපි ඔබට වාර්තා කළා. ඔහු මිය යන විට වයස අවුරුදු 62 ක් වුණා. රත්මලාන ප්‍රදේශයේ ඥානේන්ද්‍ර මාවතේ සිදුවූ වෙඩි තැබීමකින් තමයි මෙම මරණය සිදුවුණේ. මේ වෙඩි තැබීම නිසා තවත් දෙන්නෙක් මේ වෙද්දී තුවාල ලබා රෝහල් ගත කරල තියෙනවා.

තිදරු පියෙකු වන රංජන් සිල්වාගේ බාල පුතු ධනංජය ද සිල්වා තමයි ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන්නේ. ඒ වුනත් ඔහුගේ වැඩිමහල් පුතු සාවිත්‍ර රමාල් ද සිල්වාද මීට කලින් කතාබහට ලක්වුන චරිතයක්. ඒ ඔහු ශ්‍රී ලංකාවේ ලබාලතම නාගරික මන්ත්‍රීවරයා ලෙස දෙහිවල ගල්කිස්ස නගර සභාව නියෝජනය කිරීම නිසා. සාවිත්‍ර ද සිල්වා 2015 ජනාධිපතිවරණයේදි සිදු කරපු ක්‍රියාවක් කතාබහට ලක්වූණා. 2015 ජනාධිපතිවරණය කාලයේ ඔහු එක්සත් ජනතා නිදහස් සංධානයේ ඉඳන් පොදු විපක්ෂයට එන එක ගැන කියන්න මාධ්‍ය හමුවකට සහභාගී වුණා.

මේ මාධ්‍ය හමුවේදි තමන් පක්ෂය මාරු නොකරන බවටත්, ජනාධිපතිවරයා පාවා දීමටත් නොහැකි බව කියමින් සාවිත්‍ර ද සිල්වා මාධ්‍ය හමුවෙන් නැගිටල ගිය එක කතාබහට ලක්වුණ කරුණක් වුණා. ඊට පස්සේ තිබ්බ පළාත් පාලන මැතිවරණයෙන් සාවිත්‍ර සහ ධනංජයගේ තාත්තා වන මියගිය කේ. රංජන් සිල්වා දෙහිවල ගල්කිස්ස නගර සභාවට සභිකයෙකු ලෙස තේරී පත් වුනා.

2015 ජනපතිවරණය සමයේ සාවිත්‍ර ද සිල්වා සහභාගී වූ මාධ්‍ය හමුව මෙතනින් බලන්න.


News Articles
Latest Videos
Most Popular Post