News Line| Off Air
Generic placeholder image

May
26

ලෝකේ තියෙන අප්‍රසන්නම රැකියාව තියෙන්නේ බංග්ලාදේශයේ. කරුණාකර සංවේදී අය බැලීමෙන් වලකින්න.

2122 Views


ලෝකේ තියෙන අප්‍රසන්නම රැකියාව තියෙන්නේ බංග්ලාදේශයේ. කරුණාකර සංවේදී අය බැලීමෙන් වලකින්න.

“දැන් කාලේ ජීවත්වන්න එක රස්සාවක් කරලා මදි… වියදමේ හැටියට රස්සාවල් දෙක තුනක්වත් කරන්න ඕන…” මේ විදිහට තමයි එක රස්සාවක් කරන ගමන්, ගොඩක් දෙනෙක් හිතන විදිහ. තමන් කරන රස්සාව ලෝකේ තියෙන අමාරුම රස්සාව කියල තමයි ගොඩක් අය හිතන්නේ. ඒ වගේම කරන රස්සාවෙන් තෘප්තිමත් වෙන්නේ ඉතාමත් සුළු පිරිසක්.

හැබැයි මේ කියන්න යන්නේ, ලෝකේ තියෙන අප්‍රසන්නම සහ අමාරුම රස්සාවක් ගැන. ඔබ දන්නවද බංග්ලාදේශයේ අපවහන පද්ධතියක් හිර වුනාම ඒක සුද්ධ කරන්න කිසිම යන්ත්‍රයක් පාවිච්චි කරන්නේ නැහැ කියල. ඔව්…ඒක තමයි ඇත්ත කතාව. මේ විදිහට අපවහන පද්ධතියක් සුද්ධ කරන්න බංග්ලාදේශයේ පාවිච්චි කරන්නේ මිනිස් ශ්‍රමය.

මේ ක්‍රමයේදී අසූචි මිශ්‍ර වතුර පවා සුද්ධ කරන්න මේ මිනිස්සුන්ට සිද්ධ වෙනවා. ඉතින් මේක ලෝකේ තියෙන අප්‍රසන්නම රැකියාවලින් එකක්. ඒ වගේම තමයි මේ විදිහට අපවහන පද්ධති සුද්ධ කරන්න ගියාම, ඒවායින් එන විෂ වායු වර්ග ආග්‍රහණය වෙලා මේ ය මිය ගිය අවස්ථාත් වාර්තා වෙලා තියෙනවා.

මේ විදිහේ අමාරුම රැකියාවක් කරලත්, ඔවුගේ දවසක ආදායම වෙන්නේ රුපියල් 600 ත් – 1,000 ත් අතර ගානක් කියලයි වාර්තා වෙන්නේ. ඉතින් හිතන්න, මේ අයත් එක්ක බලද්දී ඔබ කරන්නේ ලෝකේ තියෙන වාසනාවන්ත රැකියාවක් නේද කියල.

මේ තියෙන්නේ බංග්ලාදේශයේ අපවහන පද්ධතියක් සුද්ද කරන අවස්ථාවේ ගත්ත ඡායාරූප ටිකක්.


News Articles
Latest Videos
Most Popular Post