News Line| Off Air
Generic placeholder image

May
27

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඔප්පුවක් නෑ. බුද්ධික පතිරණ පාර්ලිමේන්තුවේදී හෙළිකරයි.

515 Views


ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඔප්පුවක් නෑ. බුද්ධික පතිරණ පාර්ලිමේන්තුවේදී හෙළිකරයි.

සාමාන්‍යයෙන් ඉඩමක හිමිකාරිත්වය සහතික කරන්නේ ඔප්පුව්වකින්. පෞද්ගලික ඉඩම් එකකටම ඔප්පුවක් තියෙනවා. රජයේ ආයතන වලටත් ආයතනයේ හිමිකාරිත්වය සහිත ඔප්පුවක් තියෙනවා. හැබැයි ලංකාවේ පාර්ලිමේන්තුවට තාමත් ඔප්පුවක් නෑ.

මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී අහපු ප්‍රශ්නයකින් තමයි මේ බව හෙළිවුණේ. ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේ දියවන්නා ඔය මැද්දේ අවුරුදු 37 ක්ම පාර්ලිමේන්තුව පවත්වාගෙන ගිහින් තියෙන්නේ ඔප්පුවක් නැතුව.

මේ නිසා ජුනි මාසේ 5 වෙනිදාට ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවට නිල ඔප්පුවක් දෙන්න නියමිතයි. පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉදිකරාට පස්සේ 1981 අප්‍රේල් 21 වෙනිදා තඹ සන්නසකින් ජේ.ආර්. ජයවර්ධන මහතා ලබා දීලා තියෙනවා. ඊට පස්සේ පාර්ලිමේන්තු භූමිය පුළුල් කරලා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා තඹ සන්නසක් ලබා දීලා තියෙනවා.

අලුත් ඔප්පුවට අනුව පාර්ලිමේන්තුවට ඉඩම් අක්කර 12 යි රූඩ් 1 යි පර්චස් 32 ක් අයිතියි. දියවන්නාවෙන් එපිට නාගරික සංවර්ධන අධිකාරියට අයිති භූමිය සහ ගොඩනැගිල්ලත් පාර්ලිමේන්තුවට අයිති වෙලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post