News Line| Off Air
Generic placeholder image

May
27

“අධික ශීතල හා ඔක්‌සිජන් අඩුවීම නිසා බොහෝ කඳු නගින්නන් මැරෙනවා. කන්ද නඟින පාරේ මළ සිරුරු ගොඩක් තියෙනවා.” – ජොහාන් එවරස් මුදුනට ගිය ත්‍රාසජනක ගමන මෙන්න.

1343 Views


“අධික ශීතල හා ඔක්‌සිජන් අඩුවීම නිසා බොහෝ කඳු නගින්නන් මැරෙනවා. කන්ද නඟින පාරේ මළ සිරුරු ගොඩක් තියෙනවා.” – ජොහාන් එවරස් මුදුනට ගිය ත්‍රාසජනක ගමන මෙන්න.

එවරස්ට් කියන්නේ ලෝකයේ උසම කඳු මුදුන. ලේසියෙන් කෙනෙක්ට එවරස්ට් කඳු මුදුනට යන්න බෑ. හැබැයි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් මේ වෙද්දී එවරස්ට් තරණය කරන්න සමත් වෙලා තියෙනවා. පහුගිය දා එවරස්ට් තරණය කල ජොහාන් ඔහුගේ ත්‍රාසජනක ගමන ගැන ගත්තා. මේ තියෙන්නේ ඔහු එවරස්ට් ගමන් ගැන කිව්වා කතාව.

එවරස්‌ට්‌ ගමන ජීවිතයයි මරණයයි අතර ගමනක්‌. ඒත් ජීවිතයේ ඕනෑම අභියෝගයක්‌ ජය ගන්න අවශ්‍ය වන්නේ ආත්ම විශ්වාසය පමණයි. කිසිම දෙයක්‌ ලේසියෙන් අත්හරින්න එපා …ඕනෑම අභියෝගයක්‌ ජයගන්න පුළුවන් …

මම අවුරුදු අටේදී තමයි මුලින්ම මගේ පියා ලංකාවේ කඳු නගින්න එක්‌ක ගියේ. එයා ඉංජිනේරුවෙක්‌, එයා හරිම වික්‍රමාන්විත ත්‍රාසජනක වැඩවලට ආසයි, මම පොඩි කාලේ ඉඳලා ලංකාවේ කඳු ගොඩක්‌ නැගලා තියෙනවා

මම ජීවත් වුණේ රත්මලානේ, මම පාසල් ගියේ කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයට, පාසලෙන් ඉවත් වුණාට පස්‌සේ රමණි ප්‍රනාන්දු මහත්මියගේ සැලුන් එකට සම්බන්ධ වෙලා වසර දොළහමාරක්‌ වැඩ කළා. ඊට පස්‌සේ මම මගේම සැලුන් එක කටින් ස්‌ටේෂන් නමින් පටන් ගත්තා 1999 දී, අද වන විට ලොව පුරා ඒ ආයතනයේ ශාඛා තිබෙනවා.

මම මුලින්ම හිමාලය කන්ද නගින්න ගියේ 2010 දී. එදා ගියේ බේස්‌ කෑම්ප් එකට, එදා මම හිතා ගත්තා එවරස්‌ට්‌ කඳු මුදුනට කවදා හරි නගිනවාමයි කියලා.

2012 දී හිමාලය කඳු වැටියේ අයිලන්ඩ් පීක්‌ කියන කන්ද නගිද්දී ජයන්න්ති කුරුඋතුම්පාල හම්බ වුණා, පස්‌සේ අපි එකට කඳු නගින්න පටන් ගත්තා. අපි 2014 දී ටැන්සානියාවේ කිලිමන්ජාරෝ කන්ද නැග්ගා, 2016 දී එවරස්‌ට්‌ කන්ද ජයන්ති සමග නගින්න පටන් ගත්තා.

මේ වතාවේ මුලින්ම කත්මන්ඩු ආවා. එතනින් ගුවන් මගින් ලුක්‌ලා කියන තැනට ආවා, එතන ඉඳලා දින 14 ක්‌ ඇවිදලා බේස්‌ කෑම්ප් ආවා, මෙවර මා සමග වෙනත් විවිධ රටවල 13 දෙනෙක්‌ එවරස්‌ට්‌ නැග්ගා , බේස්‌ කෑම්ප් ඉඳලා සති හයක්‌ එවරස්‌ට්‌ කන්ද නගින්න යනවා, එතන ඉඳලා මුලින්ම පළමු කෑම්ප් එකට ගිහින් ආපහු බේස්‌ කෑම්ප් එකට ආවා, ආපහු දෙවන කෑම්ප් එකට ගිහින් ආපසු බේස්‌ කෑම්ප් එකට ආවා.

ආපහු තුන් වන කෑම්ප් එකට ගිහින් බේස්‌ කෑම්ප් එකට ආවා, මේ විදිහට තමයි අවසන් එවරස්‌ට්‌ තරණයට අවශ්‍ය විදිහට ශරීරය සකසා ගන්නේ. ඒ විදිහට ශරීරයේ රතු රුධිරානු ප්‍රමාණය ඉහළ යනවා, ඉන්පසු බේස්‌ කෑම්ප් සිට හතරවන කෑම්ප් දක්‌වා ගොස්‌ ඉන්පසු කෙලින්ම එවරස්‌ට්‌ මුදුනටම නගිනවා.

මේ අවසන් කොටසේදී අධික ශීතල හා ඔක්‌සිජන් අඩුවීම නිසා බොහෝ කඳු නගින්නන් මරණයට පත් වෙලා තියෙනවා.

ඒ යන අතරතුර මාර්ගයේ එසේ මියගිය ගොඩක්‌ අයගේ මළ සිරුරු දැකගන්නට පුළුවන්, ඔක්‌සිජන් අඩුකම හා අධික ශීතල හා හිම නිසා ඒ මළ සිරුරු නරක්‌ නොවී එලෙසම තිබෙනවා, මේ මළ සිරුරු දැක්‌කහම ගොඩක්‌ වෙලාවට හිත ගැස්‌සෙනවා, ඒත් මම ඒ සියල්ල දරා ගෙන එවරස්‌ට්‌ මුදුනටම ගියා……


News Articles
Latest Videos
Most Popular Post