News Line| Off Air
Generic placeholder image

May
27

“2024 දී ජනපති ධූරයෙන් ඉවත් වෙනවා.” රුසියානු ජනපති පුටින් කියයි.

752 Views


“2024 දී ජනපති ධූරයෙන් ඉවත් වෙනවා.” රුසියානු ජනපති පුටින් කියයි.

ලෝකයේ දෙවෙනියට බලවත්ම පුද්ගලයා තමයි ව්ලැද්මිර් පුටින්. පහුගිය දා පිට පිට තුන්වෙනි වරටත් ඔහු රුසියාවේ ජනපති විදියට දිව්රුම් දුන්නා. රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවර පැවැති ආර්ථික සමුළුවක් අමතමින් රුසියා ජනාධිපතිවරයා මේ බව සඳහන් කරා.

හැබැයි ඔහු බලය අතහරින බවක් නම් කිව්වේ නෑ. රුසියානු ව්‍යවස්ථාවට අනුව එක් අයකුට අඛණ්ඩව ධුර කාල තුනක් ජනාධිපතිධුරය දරන්න බෑ. පුටින්ගේ තුන්වෙනි ධූර කාලය 2024 න අවසන් වෙනවා.

ව්ලැදිමීර් පුටින් පළමු වරට රුසියාවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූයේ 2000 වසරේදී. 2008 දී ඔහු ආයෙත් ජනාධිපති ධූරයෙන් ඉවත් වුණා. හැබැයි ඔහු 2008 – 2012 කාලයේදී රුසියාවේ කටයුතු කරා. ආයෙත් සැරයක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුන පුටින් 2012 ඉඳලා මේ දක්වා රුසියාවේ ජනාධිපති විදියට කටයුතු කරනවා.

සෝවියට් නායක ජෝසප් ස්ටාලින්ට පසු රුසියාවේ දීර්ඝ කාලයක් බලයේ සිටි නායකයා විදියට ව්ලැද්මිර් පුටින් ඉතිහාසගත වෙනවා. පුටින් රුසියාවේ ජනාධිපති ධූරයේ වසර 4 ක් සඳහා වුන කාලය වසර 6 ක් දක්වා දීර්ඝ කර ගන්නත් සමත් වුණා.

රුසියානු ව්‍යවස්ථාවට අනුව පිට පිට තෙවරක් ජනාධිපතිධුරය දැරිය නොහැකි වුවත් එක් අයකුට ජනාධිපතිධුරය දැරිය හැකි නිශ්චිත අවස්ථාවක් ගණනක් දක්වලා නෑ. ඒ නිසා කෙටි විවේකයට පස්සේ පුටින් ආයෙත් රුසියාවේ ජනාධිපතිවරණයට එන්න බැරි කමකුත් නෑ.


News Articles
Latest Videos
Most Popular Post