News Line| Off Air
Generic placeholder image

May
27

උතුරු කොරියාව අඩියක් පස්සට ගනී. සාකච්ඡා සඳහා ඇමෙරිකාවට යළිත් ආරාධනා කරයි.

615 Views


උතුරු කොරියාව අඩියක් පස්සට ගනී. සාකච්ඡා සඳහා ඇමෙරිකාවට යළිත් ආරාධනා කරයි.

ඇමෙරිකාව සහ උතුරු කොරියාව අතර පවත් වන්න තිබ්බ සමුළුව ඩොනල් ට්‍රම්ප් අවලංගු කරා. ඒ දෙපැත්තේම ආය ආයෙත් දොස් පවරා ගත්ත නිසා. කොහොම වුනත් ආයෙත් සැරයක් සාකච්ඡා සඳහා කතා බහක් ඇති වෙලා තියෙනවා.

තමන් ඕනෑම වේලාවක ඕනෑම ආකාරයේ සාකච්ඡාවකට සූදානම් කියලා උතුරු කොරියාව ඇමෙරිකාවට දන්වලා තියෙනවා. උතුරු කොරියාව ඉදිරිපත් කරපු මේ යෝජනාව ඩොනල් ට්‍රම්ප්ගේ පැසසුමට ලක් වෙලා තියෙනවා. එය අතිශය උණුසුම් මෙන්ම ඵලදායී තීරණයක් වේවි කියලා ට්‍රම්ප් ප්‍රකාශ කරා.

උතුරු කොරියානු නායකයෙකු හා ඇමෙරිකානු නායකයෙකු ප්‍රථම වරට මුහුණට මුහුණ හමුවන අවස්ථාව ගැන මුළු ලෝකයම බලාගෙන ඉන්නවා. තමන්ගේ න්‍යෂ්ටික බලාගාර ගලවා ඉවත් කිරීම පොරොන්දු වූ පරිදිම කරා කියලා උතුරු කොරියාව පැවසුවා. තමන්ට ලිබියාවේ වගේ විසඳුමක් ඕන නෑ කියලා උතුරු කොරියාව සඳහන් කරා.

මේ අතර ඇමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කරේ ජුනි 12 වෙනිදා සිංගප්පුරුවේදී සමුළුව පවත් වන්න තමන් සූදානම් කියලා.


News Articles
Latest Videos
Most Popular Post