News Line| Off Air
Generic placeholder image

May
28

ක්‍රිකට් වලට ලකුණු 8 පහරක් හඳුන්වා දෙයි? පහර එල්ල කරන හැටි මෙන්න.

1572 Views


ක්‍රිකට් වලට ලකුණු 8 පහරක් හඳුන්වා දෙයි? පහර එල්ල කරන හැටි මෙන්න.

ක්‍රිකට් ක්‍රීඩාව දවසින් දවස අලුත් වෙන බවට පත් වෙලා තියෙනවා. ක්‍රිකට් වලට වැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගන්න තමයි ගොඩක් වෙනස් කම් කරන්නේ. මේ අතරේ ක්‍රිකට් වලට ලකුණු 8 පහරක් හඳුන්වා දෙන්න යෝජනා වෙලා තියෙනවා.

දැනට ක්‍රිකට් වල වැඩියෙන්ම ලකුණු ලැබෙන්නේ 6 පහරට. හැබැයි ලකුණු 8 පහරක් හඳුන්වා දෙන්න ඕන කියලා ක්‍රිකට් විස්තර විෂරකයෙක් වන ඩීන් ජෝන්ස් යෝජනා කරනවා. මීටර් 85 කට වැඩ දුරක් 4 සීමාවට ඉහළින් යන්න පන්දුවට පහර දුන්නොත් ලකුණු 8 ක් දෙන්න ඕන කියලයි ඔහු යෝජනා කරන්නේ.

“8 පහර නියමයි. ප්‍රේක්ෂකයන් ක්‍රිස් ගේල්ට සහ අනෙකුත් ප්‍රහාරාත්මක පිතිකරුවන්ට ආදරය කරනවා. හරියට ගොල්ෆ් වල ටයිගර් වුඩ් සහ රොරි මැක්ලොරි මීටර් 350 කට වැඩ ඈතට යන්න පහර දෙනවා වගේ.” කියලයි ඩීන් ජෝන්ස් සඳහන් කරන්නේ. සමහර විට ඩීන් ජෝන්ස්ගේ යෝජනවා ළඟදීම ක්‍රිකට් නීති පොතට එන්නත් බැරි නෑ.


News Articles
Latest Videos
Most Popular Post