News Line| Off Air
Generic placeholder image

May
28

ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයින් සහ බලධාරීන් තරඟ පාවා දුන්න හැටි අල් ජසීරාව ලෝකෙටම පෙන්නයි. – Video

577 Views


ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයින් සහ බලධාරීන් තරඟ පාවා දුන්න හැටි අල් ජසීරාව ලෝකෙටම පෙන්නයි. – Video

ක්‍රිකට් ක්‍රීඩාව පටන් අරන් දැන් අවුරුදු 400 ක් විතර වෙනවා. ක්‍රිකට් හඳුන්වන්නේ මහත්වරුන්ගේ ක්‍රීඩාව විදියට. මේ වෙද්දී ලෝකේ රටවල් 125 ක් ක්‍රිකට් ගහනවා.

හැබැයි මුදලට ඔට්ටු තබන්නන් නිසා දැන් ක්‍රිකට් වල ජීව ගුණය නැති වෙලා. අල් ජසීරා රූපවාහිනිය පහුගිය මාස 18 දී සිදුවුණු මුදලට තරඟ පාවාදීම් ගැන වාර්තා වැඩසටහනක් ඉදිරිපත් කළා. ඔවුන් වාර්තා කරන විදියට දැන් පැවැත්වෙන ක්‍රිකට් තරඟ අතරින් 60% – 70% ක් තරඟ වලදී මුදලට තරඟ පාවාදීම් සිද්ධ වෙනවා.

2016 දී ගාල්ලේ පැවති ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා තරඟයේදී සහ ගීය අවුරුද්දේ පැවති ඉන්දු ශ්‍රී ලංකා ටෙස්ට් තරඟයේදී මුදලට තරඟ පාවාදීමක් වෙලා තියෙනවා. ඔට්ටු තබන්නන්ට වාසි ලැබෙන විදිහට ගාල්ල තණ තීරුව සකස් කරා කියලයි අල් ජසීරා හෙළි කරේ. ගාල්ල ක්‍රීඩාංගනයේ සහය කළමනාකරු සහ තණතිලි භාරකරු තරංග ඉන්දික, හිටපු ක්‍රිකට් ක්‍රීඩක තරිඳු මෙන්ඩිස් සහ ඉන්දියාවේ හිටපු ක්‍රීඩක රොබින් මොරිස් මේ වැඩේට සහය දීලා තියෙනවා.

ඉදිරියේදී ගාල්ලේ පැවැත්වෙන ශ්‍රී ලංකා – එංගලන්ත තරඟයත් දින 4කින් නිමා කරන්න මේ පිරිස සැලසුම් කරලා තියෙනවා. ඒ වගේම මේ ඔට්ටු තබන්නන් ඩුබායි වලදී 20/20 තරඟාවලියක් පවත්වන්නත් සැලසුම් කරලා.මේ තරඟාවලියට ගන්නේ තරඟ පාවාදීම් සඳහා සහය දෙන ක්‍රීඩකයන්ව විතරයි.

ඩුබායි තරඟාවලිය සාර්ථක වුණොත් ශ්‍රී ලංකාවේදීත් ඒ වගේ තරඟාවලියක් පවත්වන්නයි මේ බුකීකරුවෝ Plan කරලා තියෙනවා. බුකීකරුවොන්ට අවශ්‍ය විදිහට තරඟාවලිය සංවිධානය කරන්න හිටපු ක්‍රීඩක ජීවන්ත කුලතුංග සහ දිල්හාර ලොකුහෙට්ටිගේ කැමති වෙලා තියෙනවා. මේ සියල්ලකම Video සහ Audio සාක්ෂි මේ විදිහට අල් ජසීරා ලෝකෙටම හෙළි කරා.

අල් ජසීරා රූපවාහිනිය විකාශය කළ මේ වැඩසටහන ලෝකයම බලාගෙන හිටියා. හැබැයි දැන් ලෝකය බලාගෙන ඉන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වැරදිකරුවන්ට එරෙහිව ගන්න ක්‍රියාමාර්ග මොනවද කියලා. ඒ වගේම මේක තමයි හොඳම වෙලාව ශ්‍රී ලංකා ක්‍රිකට් බුකිකරුවන්ට යට වෙලා නෑ කියලා ලෝකෙටම පෙන්නන්න.

මේ තියෙන්නේ අල් ජසීරා රුපවාහිනිය තරඟ පාවාදීම් ගැන කරපු හෙළිදරව්ව.

https://www.facebook.com/shaqatlive/videos/1843964438958511/


News Articles
Latest Videos
Most Popular Post