News Line| Off Air
Generic placeholder image

May
29

තරඟ පාවාදීම් ගැන Video, ICC යට දෙන්න අල් ජසීරා බෑ කියයි.

708 Views


තරඟ පාවාදීම් ගැන Video, ICC යට දෙන්න අල් ජසීරා බෑ කියයි.

අල් ජසීරා රූපවාහිනිය ක්‍රිකට් තරඟ පාවාදීම් ගැන කරපු වැඩසටහන නිසා මේ වෙද්දී ක්‍රිකට් ලෝකයම හෙල්ලිලා තියෙන්නේ. අල් ජසීරා වැඩසටහනින් ශ්‍රී ලංකාවට, ඉන්දියාවට, එංගලන්තයට වගේම ඕස්ට්‍රේලියාවටත් චෝදනා එල්ල වුණා.

කොහොම වුනත් මේ වෙද්දී ICC ය මේ වැඩසටහනෙන් හෙළි කරපු තොරතුරු ගැන පරීක්ෂණ පටන් අරන් තියෙන්නේ. ඒ පරීක්ෂණ සඳහා වැඩසටහනේ සංස්කරණය නොකළ දර්ශන ICC ය අල් ජසීරාවෙන් ඉල්ලලා තියෙනවා.

හැබැයි ආරංචි වෙන විදියට නම් ඔවුන් දර්ශන දෙන්න බෑ කියලා. එම දර්ශන නැතුව පරීක්ෂණ ඉදිරියට කරගෙන කියලා ICC දූෂණ මර්ධන ඒකකයේ සාමාන්‍යධිකාරී ඇලෙක්ස් මාෂල් ප්‍රකාශ කරා. ඒ නිසා අවශ්‍ය දර්ශන දෙන්න කියලා ICC ය අල් ජසීරා රූපවාහිනියෙන් දැඩිව ඉල්ලලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post