මේ දවස්වල ලෝකයේ බහට ලක් වෙන Video එකක් තියෙනවා. ඒ ගොඩනැගිල්ලකින් වැටෙන්න යන කුඩා දරුවෙක්ව තරුණයෙක් ගොඩනැගිල්ල දිගේ ඉහලට බඩගාගෙන ගිහින් බේරා ගන්න විදිය.
මේ සිදුවීම වෙලා තිබුණේ ප්‍රංශයේ. පැරිස් අගනුවර ගොඩනැගිල්ලක හතර වන තට්ටුවේ ඉදන් තමයි කුඩා දරුවා පාහලට ඇද වැටෙන්න හැදුවේ. හරියට ස්පයිඩර මෑන් වගේ තට්ටු 4 ක් විනාඩියකටත් අඩු කාලයකදී නැගලා දරුවා බේරා ගන්න තරුණයෙක් සමත් වුණා. ඔහු මාලි ජාතික සංක්‍රමණික තරුණයෙක්.
Mamoudou Gassama නම් මේ තරුණය මේ වෙද්දී ප්‍රංශයේ වගේම ලෝකයේම වීරටෙක් වෙලා තියෙනවා. ඔහු කරපු වීරකම අගයන්න ප්‍රංශ ජනාධිපතිතුමා Mamoudou එල්සී මාලිගාවේ නිල නිවසට කැඳෙව්වා. ප්‍රංශ ජනාධිපති එමානුඑල් මැක්‍රෝන් පෞද්ගලිකවම ඒ තරුණයට ස්තුති කරා. ඒ වගේම Mamoudou Gassamaට ස්තුති කරලා පදක්කමක් ද පිරි නැමුවා.
ඒ වගේම ප්‍රංශ රජය ඔහුට ප්‍රංශයේ පුරවැසිභාවය ලබා දෙන බවටත් නිවේදනය කරා. “මම කිසි දෙයක් සිතුවේ නැහැ, මම ඔහු බේරාගත්තා. මම දෑතින් ඔහු උස්සා ගනිද්දී, ඔහුට කතා කර ඇසුවා: ‘ඇයි ඔබ මෙහෙම කළේ?’ කියලා. හැබැයි ඔහු පිළිතුරු දුන්නේ නැහැ.” කියලයි Mamoudou ප්‍රංශ ජනපතිට ඒ සිදුවීම විස්තර කරේ.