රයිනෝ කියන්නේ මේ වෙද්දී මිහිමතින් වඳ වී යන සතෙක්. මේ වෙද්දී ඉතාම අඩු රයිනෝ පිරිසක් තමයි ලෝකයේ ඉන්නේ. එකට ප්‍රධානම හේතුව රයිනෝ අං ලබා ගන්න දයක්කරුවන් රයිනෝ සතුන් මර දැමීම.
අප්‍රිකාවේ ජිවත් වෙන රයිනෝ සහ ඇතුන් ආරක්ෂා කරන්න බ්‍රිතාන්‍ය හමුදාව යොදවන්න තීරණය කරලා තියෙනවා. ලබන මාසයේදී බ්‍රිතාන්‍ය හමුදා කණ්ඩායම් කිහිපයක් මලාවි රාජ්‍යට එන්න නියමිතව ඉන්නවා.
ලෝකය පුරා ව්‍යාප්ත වෙලා තියෙන දළ වෙළඳාමට තිත තියන්න තමයි බ්‍රිතාන්‍ය මේ තීරණය අරගෙන තියෙන්නේ. අප්‍රිකාවේ වනාන්තර වල ඉන්න දඩයක්කරුවන් හොයලා මෙහෙයුම් දියත් කරන්නත් බ්‍රිතාන්‍ය හමුදාව සූදානමින් ඉන්නවා.