News Line| Off Air
Generic placeholder image

May
29

“අපි දන්නවනේ මාලිංගගේ කට. ලිඛිතව කියන්න ඕන. රටට ඕන විදියට Pitch හදන්න බෑ.” – ක්‍රිකට් ආයතනයේ කතාවට විරුද්ධ කතාවක් දයාසිරි තරඟ පාවාදීම් ගැන කියයි.

669 Views


“අපි දන්නවනේ මාලිංගගේ කට. ලිඛිතව කියන්න ඕන. රටට ඕන විදියට Pitch හදන්න බෑ.” – ක්‍රිකට් ආයතනයේ කතාවට විරුද්ධ කතාවක් දයාසිරි තරඟ පාවාදීම් ගැන කියයි.

අල් ජසීරා රූපවාහිනිය ඉදිරිපත් කළ ක්‍රිකට් තරඟ පාවාදීම ගැන වැඩසටහන නිසා ලෝකයේම ක්‍රිකට් හෙල්ලිලා තියෙන්නේ. ඒ වැඩසටහන හරහා ලංකාවේ සිදු වුන තරඟ පාවදෙම් ගැනත් සඳහන් වෙලා තිබ්බා.

ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ තණතිල්ල බුකීකරුවන්ට ඕන විදියට හදන හැටි අල් ජසීරා වැඩසටහනේ සඳහන් වෙලා තිබ්බා. මේ වගේ තණතිල්ල ක්‍රීඩකයන්ට ඕන විදියට ලබා දෙන්නේ නෑ කියලා ලසිත් මාලිංග කලින් චෝදනා කරලා තිබ්බා. ඊයේ තිබ්බ මාධ්‍ය හමුවකදී හිටපු ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතාගෙන් මාධ්‍යවේදීන් මේ ගැන ඇහුවා.

“නිකන් පාර දිගේ කියා කියා ගිහින් හරි යන්නේ නෑනේ. හැබැයි එක ලිඛිතව කියන්න ඕන මේ තණතිල්ල ගැන අපිට පොඩි සැකයක් තියෙනවා.” කියලයි මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නයට දයාසිරි මහතා උත්තර දුන්නේ. හැබැයි ලසිත් මාලිංග ඒ ප්‍රකශය කරේ ක්‍රිකට් ක්‍රීඩාව නංවන්න ගන්න ඕන පිළියම් මොනවද කියලා හොයලා බලන්න ක්‍රිකට් ආයතනය සංවිධානය කල වැඩමුළුවකදී.

ඒ අවස්ථාවට එවකට ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතා වගේම ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරීන්, ක්‍රිකට් ක්‍රීඩකයින්, ක්‍රිකට් විචාරකයින් සහ ක්‍රීඩා මාධ්‍යවේදීන් රැසක් හිටියා. ඒ වගේ වැදගත් ස්ථානයක කල ප්‍රකාශයක් ගැන හොයන්න ක්‍රීඩා ඇමතිට බැරි ඇයි කියලයි ක්‍රිකට් ලෝලීන් සඳහන් කරන්නේ.

“අපි දන්නවනේ ලසිත් මාලිංගගේ කට. එයා කිව්වේ අපිට වුවමනා තණතීරු හම්බෙන්නේ නෑ කියලා. එහෙනම් කියන්නේ එයාටත් Fix කරන්න ඕන කියලා Pitch එක. යනුවෙන් හිටපු ඇමතිතුමා ප්‍රකශ කරා.

ඒ වගේම රටට ඕන විදියට තණතිල්ල සකස් කරන්න බෑ කියලා. හැබැයි ඊයේ ක්‍රිකට් ආයතනයේ තිබ්බ මාධ්‍ය හමුවේදී උප සභාපති මොහාන් ද සිල්වා මහතා කිව්වේ කණ්ඩායමේ නායකයා සහ කළමනාකරු කතා කරලා අවශ්‍ය තණතිල්ල ඉල්ලන එක සාමාන්‍ය දෙයක් කියලා.


News Articles
Latest Videos
Most Popular Post