News Line| Off Air
Generic placeholder image

May
30

අවුරුදු 20 ක් පවුල් කෑ, අර්ජුන් රම්පාල් දික්කසාද වෙයි.

1016 Views


අවුරුදු 20 ක් පවුල් කෑ, අර්ජුන් රම්පාල් දික්කසාද වෙයි.

දික්කසාදය කියන්නේ බොලිවුඩ් තරු වලට නුහුරු නුපුරුදු දෙයක් නෙවෙයි.  දික්කසාද තරු අතරට අලුතෙන්ම එකතු වුණේ සුපිරි බොලිවුඩ් නලු අර්ජුන් රාම්පාල්. අර්ජුන් විවාහ වෙලා දැන් අවුරුදු 20 ක්. හැබැයි ජීව්තේ අතරමග හම්බ වුණු සමහර නොගැලපීම් නිසා දික්කසාද වෙන්න අර්ජුන් රාම්පාල් සහ බිරිද මෙහෙර් රාම්පාල් තීරණය කරා. මේ වෙද්දි අර්ජුන් දුවලා දෙන්නෙක්ගේ තාත්තා කෙනෙක්. දරුවන්ගේ භාරකාරීත්වය ගැන ඉස්සරහට තීරණය කරන්නයි අර්ජුන් හිතා ගෙන ඉන්නේ. හැබැයි ඉතිං අවුරුදු 20ක් යනකං ගෙදර ප්‍රශ්ණ අනිත් අයට දැනගන්න ඉඩ නොතියා හිනා වෙලා හිටපු එකට නං අර්ජුන්ට සම්මානයක් දෙන්න වටිනවා කියලයි බොලිවුඩ් විචාරකයෝ කියන්නේ.


News Articles
Latest Videos
Most Popular Post