News Line| Off Air
Generic placeholder image

May
30

“මාලිංග විශ්වාස නැද්ද?” – මහේල, තිලංගගෙන් සහ දයාසිරිගෙන් අහයි.

2096 Views


“මාලිංග විශ්වාස නැද්ද?” – මහේල, තිලංගගෙන් සහ දයාසිරිගෙන් අහයි.

අල් ජසීරා රූපවාහිනිය විකාශය කල තරඟ පාවාදීමේ වැඩසටහනේ ශ්‍රී ලංකාවේ තණතීරු පවා දෙන හැටිත් සඳහන් වෙලා තිබ්බා. අල ජසීරාව මේ කතාව වාර්තා කරන්න කලින් ලසිත් මාලිංග ප්‍රසිද්ධියේම මේ ගැන කියලා තිබ්බා.

හැබැයි ක්‍රීඩා ඇමතිතුමාගේවත් ක්‍රිකට් ආයතනයේවත් අවධානය ඒ ගැන යොමු වුණේ නෑ. අල් ජසීරවේ වැඩසටහන විකාශය වීමත් එක්ක ලංකාවේ මාධවේදීන් මාලිංග කලින් කිව්වා කතාව ඇත්ත නේද කියලා තිලංග සුමත්පල මහතාගෙන් සහ දයාසිරි ජයසේකර හිටපු ක්‍රීඩා ඇමතිගෙන් ඇහුවා.

“අපිට ඒ ප්‍රකශය ගැන කියන්න දෙයක් නෑ. එයා කිහිප වතාවක්ම කියපු කතාව වැරදුණා කියලා කියපු කෙනෙක්” කියලයි තිලංග මහතා කිව්වේ. “මාලිංගගේ කට ගැන අපි දන්නවනේ. එයා කියන ඒවා විශ්වාස කරන්නේ නෑ” කියලා හිටපු ඇමති දයාසිරි ජයසේකර මහතා කිව්වා. මේ දෙන්නගේ කතා වලට මහේල twitter පණිවිඩයක් තියලා තිබ්බා.

ට්විට්ටේර් සටහනකින් මහේල අහලා තිබ්බේ “මාලිංගව විශ්වාස කරන්න බැරිද?” කියලා. මහේලගේ twitter සටහනට නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ප්‍රතිචාර දක්වලා තිබ්බා. රන්ජන් මහතා මහේලගෙන් අහලා තිබ්බේ “ඔට්ටු කර්මාන්තයේ නිරත වෙලා ඉන්න අයෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහල ගැන ඔබේ මතය මොකක්ද?” කියලා.

ඒ වගේම “එය අනවශ්‍ය සැකයකට මෙන්ම ක්‍රීඩකයන් කරදරකාරී තත්වයකට පත් නොකරන්නේද?” කියලා රන්ජන්, මහේලගෙන් අහලා තිබ්බා.


News Articles
Latest Videos
Most Popular Post